Post Views: 562 බලංගොඩ ඉඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයේ පිහිටි පහන්තුඩාව දිය ඇල්ල පසුබිම් කරගෙන වීඩියෝ කර තිබූ අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ මුදා හරිනු ලැබූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අරඹා ඇතැයි වාර්තා වේ. මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ දම්සක් පදනම නම් සංවිධානයක් ඒ සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඊයේ කළ ලිඛිත ඉල්ලීමක් අනුවය.එම සංවිධානයේ සභාපති පස්සරමුල්ලේ දයාවංශ හිමියන්ගේ අත්සනින් එම ලිඛිත ඉල්ලීම කර තිබිණි.ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් අද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම අසභ්‍ය වීඩියෝව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා සමාජ මාධ්‍ය තුළ හුවමාරු විය. Post navigation පැරාලිම්පික් – හෙල්ල විසි කිරීම ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවයි බඩු මිල ඉහළ යාමත් සමග ශ්‍රී ලංකා ආර්ථිකය අවදානම් අඩියක