Post Views: 553 පාදුක්ක නගරයේ SLT මොබිටෙල් නව සේවා මධ්‍යස්ථානය, පාදුක්ක හංවැල්ල පාරේ ශ්‍රී ලංකා ටෙලිකොම් පරිශ්‍රයේ අද (8) විවෘත කරන ලදී. වසර කිහිපයක සිටම පාදුක්ක හා ඒ ආශ්‍රිත පාරිභෝගික ජනතාවට SLT මොබිටෙල් සේවා ලබා ගැනීමේ ගැටළුවට විසදුමක් මෙම නව සේවා මධ්‍යස්ථානය ඇරඹීමත් සමගම ලැබෙන බවත්, පාරිභෝගික ජනතාවට, තම SLT මොබිටෙල් සේවාවන් ඉතාම පහසුවෙන් ඉටුකර ගැනීමට මේ මගින් හැකියාව ලැබෙන බවත් SLT මොබිටෙල් ප්‍රධාන කලාප විකුණුම් නිළධාරී ඉමන්ත විජේකෝන් මහතා පැවසීය. අවිස්සාවේල්ල ප්‍රාදේශීය ශ්‍රී ලංකා ටෙලිකොම් කළමණාකාරිනී චන්දිමා රත්නායක මහත්මිය අදහස් දක්වමින්, මෙම සේවා මධ්‍යස්ථානය ඇරඹීමට ප්‍රථම පාදුක්ක අවට පාරිභෝගික ජනතාවට තම අවශ්‍යතාවන් සදහා හෝමාගමට හෝ අවිස්සාවේල්ලට යාමට සිදුවූ බවත් අද සිට එම ගැටළුව විසදෙන බව සදහන් කලාය. මෙම අවස්ථාවට SLT මොබිටෙල් බස්නාහිර දකුණ සාමාන්‍යාධිකාරී ශාන්ත වැලිකඩ, ටැලන්ට් ෆෝර්ට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී රොශාන් දයාරත්න, SLT මොබිටෙල් කලාප ප්‍රධානී ඩෙනම් පෙරේරා යන මහත්වරු ඇතුළු SLT මොබිටෙල් නිළධාරීන් හා SLT මොබිටෙල් ගනුදෙනුකාර භවතුන් සහභාගී විය. Post navigation මුලතිව් හී ඉන්දුකාදේවි බොක්සිං ක්‍රීඩාවෙන් ලක්මව රනින් දිදුලවයි. சர்வதேச குத்துச்சண்டைப் போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவுப் பெண் ලෝක පරිසර දිනයට සමගාමීව ජෝන් කීල්ස් පදනම වන වගා ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකරයි.