මෙරට පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම මාසික වැටුප රුපියල් 16,000ක් හා අවම දෛනික වැටුප රුපියල් 640 ක් විය යුතු බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා.

ඉකුත් 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි අවම වේතනය සම්බන්ධයෙන් ඉකුත් 20 වැනි දින ගැසට් පත්‍රයේ පළ කර ඇති බව සේවායෝජකයින් වෙත දැනුම් දෙමින් කම්කරු කොමසාරිස් ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සදහන් කර සිටියා.

මෙම ජාතික අවම වේතනයට 2005 හා 2016 අයවැය සහන දීමනා ද ඇතුළත් කර සේවායෝජකයින් වැටුප ගණනය කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අනුව ජාතික අවම වේතනය මාසිකව රු. 16,000/- ක් හෝ දෛනිකව රු. 640/- ක් විය යුතු වෙනවා…….

අදාල ලිපිය පහතින්

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *