Post Views: 399 පසුගිය 23 වනදා කතානායකවරයා ඊට අත්සන් තැබූ බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසන ලදී. ඒ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝග (කොවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වනදා සිට බලාත්මක වනු ඇති.පසුගිය අගෝස්තු 17 වනදා එම පනත් කෙටුම්පත ඡන්ද විමසිමකින් තොරව පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී එදින දවස පුරා පැවැත්විණි. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ. විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසිනි. කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයින්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන් මෙන්ම කොවිඩ් තත්ත්වය හේතුවෙන් යම් අධිකරණයකට එහි කටයුතු සිදු කරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සඳහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණයි. තවද කොවිඩ් තත්ත්වය පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සඳහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකිවූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කරුණු සඳහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇති. Post navigation නිරෝධායනය වන පවුල් සදහා ලබාදුන් රුපියල් 10000/= බඩුමල්ල අහෝසි කෙරේ. නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.