Post Views: 408 පසුගිය රජය සමයේ මුදල් අමාත්‍ය ලෙස කටයුතුකල මංගල පින්සිරි සමරවීර මහතා කොවිඩ් අසාධිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ. 1956 වසරේ අප්‍රේල් 21 වැනිදා මාතරදී උපත ලද මංගල සමරවීර මහතා මිය යන විට 65 වැනි වියේ පසුවිය.2017 වසරේ සිට 2019 දක්වා මෙරට මුදල් අමාත්‍යධුරය දරනු ලැබුවේ මංගල සමරවීර මහතායි. 2005 වසරේ සිට 2007 වසර දක්වාත්, 2015 වසරේ සිට 2017 වසර දක්වාත් අවස්ථා දෙකකදී ඔහු විදේශ අමාත්‍යධුරයද දරනු ලැබීය.මංගල සමරවීර මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසෙන්නේ, 1983 වසරේ මාතර ප්‍රධාන සංවිධායකවරයා ලෙසයි.1989 වසරේදී ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ ය.1994 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ, මංගල සමරවීර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, නාගරික සංවර්ධන, ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේ ය.2004 වසරේදී ඔහු වරාය, ගුවන් සේවා හා ජනමාධ්‍ය අමාත්‍යධුරය ද දරනු ලැබී ය.ඔහු කොලඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකි. Post navigation සංචරණ සීමා පවතිද්දී එලඹෙන 24 වනදා සිට විවෘත වන ස්ථාන මොනවාද ? සේරුවාවිල විහාරස්ථානයෙන් කොටපොල හිමියන් එලවා දැමූ බවට පැතිරෙන පුවත අසත්‍යක්.