කුරුණෑගල වෙලගෙදර ආයුර්වේද රෝහලේ කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා ආදි ආනන්දීය 2005 කණ්ඩායමේ වෛද්‍ය සාරංග වීරසිංහ මහතාගේ මැදිහත් වීමෙන් සිදු කෙරිණි.

මේ යටතේ එම කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා
අඟල් 32 LCD රූපවාහිනියක්
උෂ්ණත්වමාන
ඩිජිටල් රුධිර පීඩන මීටර
මුහුණු ආවරණ
මාස්ක්
හිස් ආවරණ
සේදුම් කුඩු ආදී උපකරණ පරිත්‍යාග කෙරුනි.

මේ සදහා මූල්‍යම දායකත්වය වෙනුවෙන් උදාර බංඩාර මහතා (1996 කණ්ඩායම), කලිදු මහතා, තිළිණ අබේසිරි මහතා (2001 කණ්ඩායම), අමිල මහතා (2000 කණ්ඩායම), උදාර බංඩාර මහතා (1996 කණ්ඩායම), ගයාන් රූපසිංහ මහතා, අනුරාධ මහතා, සචිත්‍ර වීරසේකර මහතා (2005 කණ්ඩායම) යන ආදී ආනන්දීයයන් දායකත්වය දක්වන ලදී.

කොවිඩ් වසංගතය ආරම්භයේ පටන්ම විවිධ සමාජ සත්කාර කටයුතු සිදු කරන වෛද්‍ය සාරංග වීරසිංහ මහතා සමාජ මාධ්‍ය සංසදයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙසද කටයුතු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *