Post Views: 314 තාක්ෂණීකරණය,නවීකරණය,ගෝලීයකරණය,ඩිජිටල්කරණය ආදී මෙකී නොකී කුමන නමින් හැදින්වුවද වර්ථමාන ලෝකය අතිශය කාර්ය බහුල වී ඇති බව සත්‍යයකි. මෙම කාර්යබහුල බවට ප්‍රධානතම සාධකය බවට පත්ව ඇත්තේ මුදල් වන අතර ඒ මත සෑම දෙයක්ම තීරණය කරන වටපිටාවක් නිරායාසයෙන්ම ගොඩනැගී ඇත. මෙ තත්වය තුල දෙමාපියන්ට දරුවන් ගැන බැලීමට නොහැකි වීම, දරුවන්ට දෙමාපියන් ගැන ඇති බැදීම දුරුවීම, බිරිදට සැමියා ගැනත් සැමියාට බිරිද ගැනත් ඇති අවධානය අඩුවීම යන කරුණු නිරායාසයෙන්ම සිදුවේ. මේ හේතුවෙන් පවුල් සංස්ථා දෙදරා ගොස් වැරදි මාර්ගවල ගමන්කර තම ජීවිත විනාශකර ගැනීම් නිරතුරුවම වාර්ථා වේ. මෙයට අළුතෙන්ම එකතු වූ සිදුවීම පසුගියදා බම්බලපිටිය මහල් නිවාසයක අටවන මහලින් බිමට පැන මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශෝචනීය කථාපුවතයි. දැනට වාර්ථාවන තොරතුරු අනුව එම දරුවා අයිස් නැමති මත් ද්‍රවයට ඇබ්බැහි වී සිටි බව සදහන්ය. ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය හදාරමින් සිටි මෙම දරුවාගේ පියා කෝටිපති ව්‍යාපාරිකයකු බවත් වාර්ථා වන අතර දරුවා පාසල් ගොස් නිවසට පැමිණෙන විටදී මව වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට ගොස් සිට ඇත. දරුවාට සවස උපකාරක පංති නොමැතිබව මවට දුරකථනයෙන් දැන්වූ විට ඇය දරුවාට ප්‍රකාශ කර ඇත්තේ තමන සිටින ඥාති නිවසට පැමිණෙන ලෙසයි. දරුවා ඥාති නිවසට නොගිය අතර තවමත් හේතුව අභිරහසක් ලෙස තබමින් ඔහු මහල් නිවාස සංකීර්ණයේ 8 වන මහලින් පැන දිවි තොරකරගෙන ඇත. මියගිය සිසුවගේ සිරුර ඇන්ටිජන් පරික්ෂණය සඳහා යොමු කළ විට ඔහුට කොවිඩ් ආසාදනය වී ඇතිබව තහවුරු වී ඇත. එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණයේදි මියගිය සිසුවා අයිස් මත්ද්‍රව්‍ය ලබාගෙන තිබූ බව හෙළි වී ඇත.දෙමාපියන් මුදල් පසු පසම ගොස් සල්ලි කදු ගොඩ ගැසුවත් නිසි මගපෙන්වීමක් නොලද හොත් දරුවන්ගේ ජීවිත අයාලේ යාම වැලැක්විය නොහැකි බව අප තේරුම් ගත යුතුය.කෙසේ වුවත් අවසානයේ සිදුවූයේ තවත් වටිනා ජීවිතයක් අකාලයේ මිලිනව යෑමය. Post navigation ප්‍රවීණ රංගවේදී සරත් චන්ද්‍රසිරි මහතා ජිවන රඟ මඬලින් බැස යයි. integrity icon 2021 සම්මානයෙන් පුද ලද දකුණුුලක සුපිළිපන්න රාජ්‍ය සේවකයා ගීතානන්ද.