ලබන සදුදා (23) දින සිට බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
ඒ අනුව පහත සඳහන් ආකාරයට මිල ගණන් ඉහළ යන බව එම සංගමය දන්වා ඇත.

පාන් ගෙඩියක මිල රුපියල් 5 කින්

අනිකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 කින්

කේක් කිලෝ එකක මිල රුපියල් 100 කින්

රුපියල් අවප්‍රමාණ වීම, අමුද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *