Post Views: 529 ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටිංස් ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම CC කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහළ හෙළා තිබේ. බාහිර ද්‍රවශීලතා තත්වය අයහපත් වීම මත විදේශ විනිමය සංචිත පහළ වැටීම සහ විදේශ මුදල් හිඟයක් ඇතිවීම නිසා ඉදිරි මාස කිහිපය තුළ විදේශ ණය ගෙවීම පිළිබඳ අවදානම් තත්වයක් උද්ගතව තිබීම මෙම ශ්‍රේණිගත කිරීම පහළ හෙළීමට හේතුවී ඇති බවයි ඔවුන් පවසන්නේ. ෆිච් රේටිංස් ආයතනය දක්වන පරිදි,ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත අගෝස්තු මාසයේ සිට USD බිලියන 2 කින් පමණ අඩු වී ඇති අතර, නොවැම්බර් අග වන විට USD බිලියන 1.6 දක්වා පහත වැටී ඇති බව සදහන්ව ඇත.2022 ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සදහා USD මිලියන 500 ක් ගෙවිය යුතු බවත් 2022 ජූලි මාසයේ දී USD බිලියන 1 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සදහා ගෙවීම් කලයුතු බවත් සදහන්ව ඇත.මෙම ගෙවීම් වලට 2022 වසරේදී ගෙවිය යුතු ණය වාරික හා පොලිය වන USD බිලියන 6.9 ක් ගෙවීමේ බරපතල අභියෝගයටද රජය මුහුණ දෙන බව පෙන්වා දෙන ෆිච් රේටිංස් ආයතනය ඒ වෙනුවෙන් මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබදවද අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම වර්ගීකරණය කල බව සදහන් කර ඇත. සම්පූර්ණ වාර්තාව පහත සබැදියෙන් https://www.fitchratings.com/research/sovereigns/fitch-downgrades-sri-lanka-long-term-foreign-currency-idr-to-cc-17-12-2021 කෙසේ වුවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ මෙම වර්ගීකරණය පිළිගත නොහැකි බවත් රටේ වත්මන් සංවර්ධනය හා ආර්ථික වර්ධනයන් පිළිබදව නිසි ඇගයීමකින් තොරව මෙය කර ඇති බවත්ය. Post navigation “රාගා” සන්නාමය යටතේ කිතුල් රා ඇතුළු කිතුල් ආශ්රිත නිෂ්පාදන පෙළක් ඇග්රි දේශීය සමාගමෙන් වෙළද පලට මුලතිව් හී ඉන්දුකාදේවි බොක්සිං ක්‍රීඩාවෙන් ලක්මව රනින් දිදුලවයි. சர்வதேச குத்துச்சண்டைப் போட்டியில் தங்கம் வென்ற முல்லைத்தீவுப் பெண்