Post Views: 491 ලොවපුරා ජනතාවකගේ සිත් දිනා ගත් වසරේ වඩාත් ආකර්ෂණීය ඉසව්ව ලෙසින් නම් කර තිබෙන 2021 වසරේ ලෝක රූ රැජිණ අවසන් තරග ඉසව්ව පුවෙටෝ රිකෝ රාජ්‍යෙය්දී අද (17) දිනයේ පැවැත්වෙන්නට සියලු කටයුතු සූදානම්ව තිබියදී කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු හමුවීම හේතුවෙන් කල් දැමීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ. පසුගිය දිනවල පැවති ඉසව් සඳහා ලෝකයේ නන් දෙසින් තරග කාරියන් පුවෙටෝ රිකෝ වෙත පැමිණ තිබූ අතර ලෝක රූ රැජින 2021 තරඟකරුවන්ගේ, කාර්ය මණ්ඩලයේ සහ සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා හේතුවෙන් පෝටෝ රිකෝ අවසන් තරඟය තාවකාලිකව කල් දමන ලද බවත් ඉදිරි දින 90 එනම් මාස 3 ක කාලය ඇතුළත එය පවත්වන බවත් තරගයේ ප්‍රධාන සංවිධායිකා ජුලියා මොර්ලි පැවසුවාය.ලෝක රූ රැජින සංවිධානය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද නිල මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ 2021 ලෝක රූ රැජින ඉසව්ව අධීක්‍ෂණය කිරීම සඳහා ආ වෛරස් විද්‍යාඥයින් සහ වෛද්‍ය විශේෂඥයින් හමුවීමෙන් පසු මෙම තීරණය ගත් බවයි. ඒ අනුව මේ දක්වා එරට රැඳී සිටි තරගකාරියන් යළි තම රටවලට යනු ඇත. ඊයේ වන විට, තරඟකරුවන්, නිෂ්පාදන කණ්ඩායම සහ ප්‍රේක්ෂකයින්ගේ යහපත වෙනුවෙන් අතිරේක ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කරන ලද නමුත් 16 දා උදෑසන රෝගීන් කිහිපදෙනෙකු තහවුරු වීමෙන් පසුව, කල් දැමීමේ තීරණයට එළඹ ඇත. මෙම රෝගීන් කවුදැයි හෙලිකර නැති නමුත් ඒ අය අතර ප්‍රධාන තරගකාරියන්ද සිටින බව පැවසේ. මේ නිසා තරගකාරියන් වැඩිදෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සිදුව ඇති බවද වාර්තාවේ. මෙම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් Sade Greenwood ගොස් තිබූ අතර ඇය Beauty With A Purpose ඉසව්වේ අවසන් 10ට තේරී තිබුණි. එම ඉසව්වේ ජයග්‍රාහිකාව තොරන්නට නියමිතව තිබුනේද කල් යැවුණ අවසන් තරගයේදීය. Post navigation ඉංදියාවේ හර්නාස් සන්දු විශ්ව රූ රැජින 2021 කිරුළ දිනා ගනී. Oil prices fall as China cuts oil imports