Post Views: 1,019 2015 මැයි මස 17 දින පටන් සීතාවකපුර ගුරුබැවිල දිසා නායක ලෙසත් හංවැල්ල මීසම් පාලක ලෙසත් හංවැල්ල, නිරිපොල, යට්ටෝවිට, කළුඅග්ගල,පහත්ගම හා පාදුක්ක ප්‍රදේශවල කතෝලික ජනතාවට දහම් සේවාව ඉටුකල ගරු ඇන්ටන් රංජිත් පියතුමන් හංවැල්ල මීසමෙන් සමුගෙන මීගමුව, පිටිපන මීසම් පාලක ලෙස සේවය භාරගන්නා ලදී. අගරදගුරු පදවි වාර්ෂික ස්ථාන මාරු යටතේ ඇන්ටන් රංජිත් පියතුමන්ට මෙම නව මීසම භාර කෙරුනු අතර වසර 6 1/2 කට අධික උන්වහන්සේගේ සේවාකාලය තුල හංවැල්ල මීසමට අයත් සියළුම කතෝලික ජනතාව මෙන්ම අන්‍යාගමික ජනතාවටද හැකි සෑම අවස්ථාවකම උපකාරී වෙමින් ආදර්ශවත් කතෝලික පියතුමෙකුගේ භූමිකාව ඉටුකිරීමට කැපවූ ඇන්ටන් රංජිත් පියතුමන්ට සමුදීමට විශාල ජනතාවක් හංවැල්ල ප්‍රදේශයේ සිට මීගමුව පිටිපන ග්‍රාමයට පැමිණෙන ලදී. පිටිපන නව ප්‍රධාන මීසම් සේවක ලෙස පැමිණි ගරු පියතුමන්ව උණුසුම් ලෙසින් පිලිගත් පිටිපන ප්‍රදේශවාසීන් තූර්‍යවාදක කණ්ඩායම් සහිත අලංකාර පෙරහරකින් උන්වහන්සේව දේවස්ථානය කරා රැගෙන යන ලදී. මෙම අවස්ථාවේ පැමිණි පිරිස ඇමතූ නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා ඇන්ටන් රංජිත් පියතුමන් පරමාදර්ශී කතෝලික පූජකතුමෙකු ලෙස සැම විටම මානව දයාවෙන් යුතුව ජනතාවට සේවය කල බව සදහන් කරමින් පියතුමන්ගේ සේවය අගයමින් අදහස් ප්‍රකාශ කරන ලදී. අනතුරුව නව මීසම් සේවක ඇන්ටන් රංජිත් පියතුමන් විසින් එදින දිව්‍ය පූජාව පැවැත්වීම සිදුකරන ලදී. ගරු ඇන්ටන් රංජිත් පියතුමන් සමග කල සංවාදමය සාකච්ඡාව පහතින් Post navigation මත්පැන්බී සාද දැමීම යනු ආගම නොවේ, කාදිනල් හිමි පවසයි.