විශ්ව රූ රැජින 2021 ජයග්‍රාහකයා ලෙස ඉන්දියාව නියෝජනය කළ හර්නාස් සන්දු කිරුළු පළඳා ඇත. ඉංදියාව අවසන් වරට කිරුළ දිනාගෙන වසර 21 කට පසුව මෙම ජයග්‍රහනය ලැබිනි.
ඒ අනුව, 1994 දී සුෂ්මිතා සෙන් හා 2000 වසරේදී ලාරා දත්තා විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගැනීමෙන් පසු ඉංදියාවට කිරුළ හිමිකර ගැනීමට හැකිවූයේ මෙවරදීය.

70 වැනි විශ්ව රූ රැජින තරගය ඊශ්‍රායලයේ එලියට් හිදී අද (13) පැවැත්විණි.

පැරගුවේ නාඩියා ෆෙරේරා සහ දකුණු අප්‍රිකාවේ ලාලෙලා මස්වානේ අභිබවා යමින් 21 හැවිරිදි හර්නාස් සන්දු කිරුළ හිමිකර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *