ප්‍රවීණ රංගවේදී සරත් චන්ද්‍රසිරි මහතා අද (04) උදෑසන ජිවන රඟ මඬලින් බැස යයි… වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාවෙන් විශීෂ්ඨ රංගනයක් ඉදිරිපත් කල සරත් චන්ද්‍රසිරි මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි අද උදෑසන සහෘද රසික ජනතාවගෙන් සමුගන්නා ලදී…

1964 ජුනි මස 13 දින පානදුරේදි මෙලොව එළිය දුටු සරත් චන්ද්‍රසිරි මහතා වෑකඩ බෞද්ධාලෝක විදුහලින් අධ්‍යාපනය ලබා 1990 දී කලා ලොවට අවතීර්ණ විය. එදා මෙදා තුර වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව තුල චරිත ගනනාවක් රගදක්වා ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඔහු ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වන පබා හි “සමගිපුර වසන්ත” චරිතය සහ මලී කතා මාලාවේ “උක්කුවා” චරිතය නිසා වඩාත් ප්‍රසිද්ධ විය.

චාරිකා සදමාලී මහත්මිය සමග විවාහා වී සිටි සරත් දරුවන් දෙදෙනකුගේ ආදරණීය පියෙකි. මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 57 කි.

එතුමාට නිර්වාණ සුවයම ප්‍රාර්ථනා කරමු.. එතුමාගේ පවුලේ ඥාාතින්ට අපගේ බලවත් ශෝකයද ප්‍රකාශ කරමු..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *