පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ එම්.ඩී.රංජනි ජයකොඩි මහත්මිය කෘෂිකර්ම අමාත්‍යාංශයේ අමාත්‍යවරයාගේ උපදේශක තනතුරට පත් කර තිබේ.

රංජනී ජයකොඩි මහත්මිය ප්‍රාදේශීය ලේකම්වරියක, අධ්‍යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති වසර 32 ක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකි.

රංජනී ජයකොඩි මහත්මිය පසුගියදා නිමාවූ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිළවරණයෙන් සභාපති ලෙසද පත් විය. එහිදී ඇගේ ප්‍රතිවාදී අපේක්ෂිකාව වූයේ පාර්ලිමේන්තු මංත්‍රීනී කෝකිලා ගුණවර්ධන මහත්මියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *