Post Views: 430 බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් ඊයේ (12) ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ විය.ඒ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීම මත මෙය ක්‍රියාත්මක වේ. ඒ අනුව දෙමටගොඩ ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්,කොළඹ 15 – මෝදර ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්,ගංගාරාම මාවත – මට්ටක්කුලිය ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 01 ක්,කොළඹ 14 – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 03 ක්,කොළඹ 15 – බ්ලුමැන්ඩල් ප්‍රදේශය ආවරණය වන පරිදි ජංගම එන්නත්කරණ රථ 02 ක් වශයෙන්ඊයේ දිනය පුරා රථ 10 ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබා දෙන ලදී. මෙම ජංගම එන්නත් කරන වැඩ සටහන ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරන ලදී. Post navigation PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා වන මිල නියාමනය කෙරේ. බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්.