ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද (8) කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරමින් සදහන් කලේ, ඒ අනුව එම වගන්ති විශේෂ බහුතරයකින් සම්මත කරගත යුතු බවට දැනුම්දී ඇති බවයි.

2026 ජූනි මස 5 වැනි දින අති­වි­ශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රකා­ශ­යට පත් කරන ලද මෙම පනත් කෙටු­ම්පත හරහා මාධ්‍ය ක්ෂේත්‍රය සඳහා වෘත්තීය ප්‍රමි­තීන් සැක­සීම, ආචා­ර­ධර්ම පද්ධ­තීන් බලා­ත්මක කිරීම සහ පුළුල් පරා­ස­යක මාධ්‍ය වෘත්ති­ක­යන් සඳහා අධ්‍යා­ප­නය ලබා දීම අර­මුණු කර­ගත් ව්‍යව­ස්ථා­පිත ආය­ත­න­යක් පිහි­ටු­වී­මට නිය­මිත වේ. ඒ අනුව, පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පසුගිය අගෝස්තු 22 දින පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කළේය.

මෙරට මාධ්‍ය වෲත්තිකයන් සදහා ඉහළ ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට වත්මන් රජය තීන්දුවක් ගෙන ඒ අනුව පනත් කෙටුම්පතක් සකස් කරන ලදී. මේ පනත් කෙටුම්පත මඟින් ආයතනය නීතිමය ස්වාධීනත්වයක් සහිත ආයතනයක් ලෙස ස්ථාපිත කර ඇතත්, එහි පිහිටුවීම සහ ක්‍රියාකාරිත්වය කෙරෙහි අමාත්‍යවරයා වෙත සැලකිය යුතු බලපෑමක් තිබීම ක්‍රේෂ්ත්‍රයේ කතාබහට ලක්විය. අමාත්‍යවරයා අතුරු සභාව පත් කරන අතර, අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයා එම ආයතනයේ නිල බලයෙන්ම සේවය කරයි. එමෙන්ම පනත් කෙටුම්පත මගින් සාමාජිකයින් කෙරෙහි විනය බලතල ද යෝජිත ආයතනයට ලබා දෙයි. මේ තත්වය ඉදිරියේදී මාධ්‍ය නොනිල ලෙස පාලනය කිරීමක් දක්වා යනු ඇති බවයි බොහෝ මාධ්‍ය වෘත්තිකයන්ගේ සහ සිවිල් සංවිධාන වල අදහස වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඇතිවූ සමාජ විරෝධාකල්පයන් මත ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමක් කල අතර ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන වගන්ති සංශෝධනය කර හෝ ඉවත් කර සරල බහුතරයකින් අදාළ පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *