Post Views: 195 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ටින්කල මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ටූනා ශුද්ධ බර ග්‍රෑම් 155 සහ දියර රහිත බර ග්‍රෑම් 105 හෝ ඊට වැඩි නම් එහි උපරිම සිල්ලර මිල රුපියල් 220 ක් ලෙස මේ අනුව නියම කර තිබෙනවා. එමෙන්ම, ශුද්ධ බර ග්‍රෑම් 425 ක් සහ දියර රහිත බර ග්‍රෑම් 280 ක් හෝ ඊට වැඩි ටින් එකක මිල රුපියල් 510 ක් ලෙස දක්වා තිබෙනවා. මැකරල් ටින් එකක ශුද්ධ බර ග්‍රෑම් 155 ක් හෝ දියර රහිත බර ග්‍රෑම් 105 ක් හෝ ඊට වැඩිනම් උපරිම සිල්ලර මිල රුපියල් 240 ක් ලෙසත් ශුද්ධ බර ග්‍රෑම් 425 ක් සහ දියර රහිත බර ග්‍රෑම් 280 ක් හෝ ඊට වැඩිනම් උපරිම සිල්ලර මිල රුපියල් 540 ක් ලෙසට නියම කර තිබෙනවා. ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155 ක් හෝ දියර රහිත බර ග්‍රෑම් 105 ක් හෝ ඊට වැඩිනම් උපරිම සිල්ලර මිල රුපියල් 260 ක් වන අතර ශුද්ධ බර ග්‍රෑම් 425 ක් හෝ දියර රහිත බර ග්‍රෑම් 280 හෝ ඊට වැඩි ජැක් මැකරල් ටින් එකක මිල රුපියල් 600 ක් වනවා. මෙම නව මිල ගණන් අද සිට ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරන්නේ. Post navigation “Miss Earth Sri Lanka 2026” සමාරම්භය කොළඹ නෙළුම් කුලුනේදී පවත්වයි.