Post Views: 257 අද (25) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු සහ රැඳවුම් නියෝග මත සිටින විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සම්බන්ධ විමර්ශන කාලරාමුව අතර බරපතල පරස්පරතාවයක් පවතින බව හෙළිවේ. සුරේෂ් සලේගේ රැදවුම් නියෝග දීර්ඝ කිරීම සම්බන්ධව අද කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කල විටදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, “දැනට මගේ අතේ ඒ සම්බන්ධ තොරතුරු නැහැ, දින 90 අවසන් වෙනවා මම හිතන්නේ” යනුවෙන් පැවසීය. තවද, ඒ පිළිබඳව තොරතුරු වාර්තාවෙලා නැහැ, කොහොමත් දින 90 න් දින 82 ක් විතර හිටියේ රෝහල්ගත වෙලා නිසා රඳවාගැනීමෙන් විමර්ශකයන් බලාපොරොත්තු උනානම් විමර්ශන කටයුතු කරන්න ඒක සිදු උනේ නොමැති වෙන්නට පුළුවන්” යනුවෙන්ද පැවසීම තුල ජනතාව අවබෝධ කරගනුයේ සුරේෂ් සලේ හට රැඳවුම් නියෝග නිකුත් කෙරී ඇත්තේ දින 90 කට පමණක් බවයි. කෙසේ වෙතත්, සුරේෂ් සලේ අත් අඩංගුවට ගත් දින සිට වාර්තා වන සත්‍ය කාලරාමුව සහ නිල දත්ත පරීක්ෂා කිරීමේදී මෙම ප්‍රකාශය තුලින් ජනතාව නොමග යන බවක් පෙනී යයි, එයට හේතුව වන්නේ, හිටපු බුද්ධි ප්‍රධානී ඉකුත් පෙබරවාරි 25 වැනිදා පෑලියගොඩ පොලිස් වසමේදී අත්අඩංගුවට පත්වූ ඔහු පළමුව පැය 72ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණි. අත් අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට එරෙහිව මුලින්ම ජනාධිපති තුමා රැඳවුම් නියෝගයක් නිකුත් කළේ 2026 පෙබරවාරි 28 දා වන අතර එම රැඳවුම් නියෝගය අවසන් වන මැයි මස 28 ට පෙර ජනාධිපතිවරයා විසින් එම රැඳවුම් නියෝගය යලි දින 90 කින් දීර්ඝ කිරීමක් කළා. එම දෙවන දින 90 ක කාලසීමාව ඇතුලත දින කිහිපයකට පසුව සුරේෂ් සලේ විසින් සිදුකල ආහාර වර්ජනයක් නිසා ඇතිවූ රෝගී තත්වය මත ඔහුව ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කරනු ලැබීය. එම දින පටන් මේ දක්වා ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එම දෙවන රැඳවුම් නියෝගයේ ප්‍රකාරව දින 90 ක කාලය ඉක්ම යාමට පෙර ජනාධිපතිවරයා විසින් මෙවර නිකුත් කල දින 90 ක රැඳවුම් නියෝගය ඇත්ත වශයෙන්ම සුරේෂ් සලේ වෙත නිකුත් කල තුන්වන රැඳවුම් නියෝගය වන අතර දෙවන රැඳවුම් දීර්ඝය වෙයි. ඒ අනුව සැලකීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කල ප්‍රකාශයේ සත්‍යතාව වලංගුවන්නේ පළමු රැඳවුම් දීර්ඝයට පමණක් අදාලව වන අතර සුරේෂ් සලේ ගේ සමස්ත රැඳවුම් කාල සීමාව ඔහු අත් අඩංගුවට ගත් 2026 පෙබරවාරි 25 දින සිට මේ දක්වා මාස 06 ක් පමණ වන අතර එම සම්පූර්ණ කාල සීමාවෙන් මාස 2 කට මදක් වැඩි කාලයක් රෝහල් ගතවද මාස මාස 3 කට මදක් වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේද සිට ඇති බව පෙනී යයි. Post navigation බාලවයස්කාර දැරියක් ලිංගික අපයෝජනයට ලක්කල බවට වන නඩුවක චූදිතයෙකු ප්‍රභූ දොරටුවකින් ආවේ කොහොමද… දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයින් ට සමාජ මාධ්‍ය තහනමක් පනවයි.