කටුනායක ගුවන් තොටුපල සෞඛ්‍ය කාර්යාලයේ සිදු කරන දූෂණ සහ වංචා අනාවරනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය වෙත ප්‍රකාශයක් ලබාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කර ඇති අතර එයට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග වලට යාමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඊයේ (19) රාත්‍රියේ රැස්වූ එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹි බවත් ඒ අනුව, අද (20) සිට දිවයින පුරා සියලු ඩෙංගු මර්දන රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර අදාළ ගැටලුවට විරෝධය පළ කරමින් හෙට (21) දිවයින පුරා සංකේත වැඩවර්ජනයක නිරත වීමටත් කටයුතු කරන බව සංගමයේ ප්‍රධාන ලේකම් චමිල් මුතුකුඩ මහතා සඳහන් කර සිටී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *