Post Views: 204 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී (Deputy Chief of Staff) ලෙස එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා 2026 අගෝස්තු 18 සිට බලපැවැත්වෙන පරිදි පත් කර ඇත. ඊට අදාළ නිල පත්වීම් ලිපිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ගුවන් හමුදා මූලස්ථානයේදී ඒ මහතා වෙත පිරිනමන ලදී. ගම්පහ පරාක්‍රම විද්‍යාලයෙන් සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලැබූ ඒ මහතා, 1993 අගෝස්තු 17 වන දින 26 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව ඔස්සේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය. අනතුරුව 1995 අප්‍රේල් 17 වන දින පාලන ශාඛාවේ පයිලට් ඔෆිසර් (Pilot Officer) නිලය ලබමින් අධිකාරියට පත්ව සේවයේ පිහිටුවන ලදී. එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා මහතා ගුවන් හමුදාපතිවරුන් තිදෙනෙකුගේ පාලන මාණ්ඩලික නිලධාරී ලෙසත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ ලේකම්, නියෝජ්‍ය ප්‍රොවෝස්ට් මාර්ෂල් සහ ගුවන් හමුදා මූලස්ථානයේ වැඩබලන ප්‍රොවෝස්ට් අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කර ඇත. නව තනතුරට පත්වීමට පෙර ඒ මහතා ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක නිලධාරී (ගුවන් හමුදා) සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී ලෙස ද කටයුතු කරන ලදී. Post navigation කිලිනොච්චියේ ත්‍රස්ත පුහුණු කඳවුරක් ඇති බවට අසත්‍ය ප්‍රකාශ කල මානව හිමිකම් විධායක අධ්‍යක්ෂ අත් අඩංගුවට. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (20) සිට වෘත්තීය ක්‍රියාමාර්ග වලට යයි.