සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක පවත්වමින් කිලිනොච්චි, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

අන්තර් මහාද්වීපික මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ සංගීත් ජයසේකර නම් වූ පුද්ගලයෙකු පසුගිය දා (15) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින්, සදහන් කලේ, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්‍ෂිත වනාන්තරයේ අක්කර ගණනක් හෙළිපෙහෙළි කර එහි තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදිකර ඇති බවත් දිනපතා මිනිසුන් 100 ත් 150 ත් අතර පිරිසක් මෙම ස්ථානයට පැමිනෙන බවත්ය. මෙය ත්‍රස්ත්‍රවාදි පුහුණු කඳවුරක්ද නැතිනම් බෝම්බ නිෂ්පාදන ස්ථානයක් ද යන්න ඔහු ප්‍රශ්න කර සිටින ලදී.

මෙම ප්‍රකාශය ඉතා බරපතල එකක් වූ නිසා මේ සම්බන්ධව පොලිස්පති ගේ අවධානය යොමුවිය. ඒ අනුව සිදුකල මූලික විමර්ශනයේදී හෙලිව ඇත්තේ, පලෙයි ප්‍රදේශයේ පිහිටි රක්‍ෂිත වනාන්තරයේ අක්කර ගණනක් හෙළිපෙහෙළි කර ඉදිකර ඇත්තේ ගොවිපොළක් සහ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් බවයි. එම ගොවිපොළේ කෝමාරිකා සහ තවත් වගාවන් කීපයක් පවත්වාගෙන යන බවත් එහි ඉදිකළ තුන් මහල් ගොඩනැඟිල්ලේ එක් මහලක ජුකී මැෂින් යොදවා ඇඟලුම් කම්හලක් පවත්වාගෙන ගොස් ඇත්තේ කිලිනොච්චිය ප්‍රදේශයේ දෙමළ ජාතික ව්‍යාපාරිකයකු විසින් බවත් ය.
කෙසේ වෙතත් රක්‍ෂිතයේ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් එහි හිමිකරුට සහ පාලනයට සම්බන්ධ වී සිටි පුද්ගලයන්ට එරෙහිව අධිකරණයයේ නඩු පවරා ඇති බවත් පොලිස්පතිවරයා සදහන් කර සිටින ලදී.

මේ තත්වය මත තහවුරු නොකරන ලද සාවද්‍ය ප්‍රකාශ සිදුකරමින් මහජන කැළඹීමක් ඇති කිරීමට උත්සහා දැරීම මත මෙම මාධ්‍ය සාකච්ඡාව සිදුකල බෙල්ලන්විල, බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 46 හැවිරිදි සංගීත් ජයසේකර නම් වූ පුද්ගලයා ඊයේ (18) ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද දින (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *