මරදාන පොලිස් වසමට අයත් කොළඹ 09 ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් පහළට ඇද වැටීමෙන් අවුරුදු 12 ක පිරිමි ළමයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. සිද්ධිය ඊයේ (16) පස්වරුවේ සිදුව ඇත.

මහල් 14 කින් සමන්විත මෙම ගොඩනැගිල්ලේ ඉහළම මහලේ පිහිටි නාන තටාකය ආසන්නයේ තවත් ළමයින් කිහිපදෙනෙකු සමඟ පරිසර සිරි නරඹමින් සිටින අතරතුර, එම මහලේ විවෘතව තිබූ ස්ථානයකින් පහළට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දැනට සිදුකරන ලද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මියගිය ළමයා කොළඹ 09 ප්‍රදේශයේම පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *