Post Views: 226 අගෝස්තු 14 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරය සම්බන්ධයෙන් මේ වන විට ගුවන් හමුදාව තුල දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිව තිබේ. මීට ප්‍රධාන හේතුව වන්නේ දැනට ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී (Military Liaison Officer – MLO) ලෙස කටයුතු කරන එයාර් වයිස් මාර්ෂල් පද්මන් එන්. ද කොස්තා මහතාව ගුවන් හමුදාවේ තෙවන ජේයෂ්ඨතම තනතුර වන යෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා දක්වන උත්සහායයි. 1993 අගෝස්තු 17 වන දින පරිපාලන ශාඛාවට ආධුනික කැඩෙට් නිලධාරියෙකු ලෙස එක් වූ එයාර් වයිස් මාර්ෂල් පද්මන් එන්. ද කොස්තා මහතා වත්මන් නිළයේ ස්ථීර කිරීම සම්බන්ධව ඇතිවූ ගැටළුවක් මත පස්දෙනෙකුගෙන් යුත් විශේෂ විමර්ශන කමිටු වාර්තාවක් මඟින් ඔහුගේ වත්මන් නිළයේ ස්ථිර උසස්වීම් දිනය 2025 ජනවාරි 03 දක්වා සංශෝධනය කිරීමට නිර්දේශ කර ඇත. නමුත් එය සිදුකර ඇත්තේ “ගුවන් හමුදාවේ අණ හා පාලනයට කිසිදු අගතියක් නොවන පරිදි” යන පැහැදිලි කොන්දේසිය මතය. එම නිර්දේශය සදහා ජනාධිපති අනුමැතිය ලබා දී ඇත්තේද එම කොන්දේසියට යටත්ව බව ආරක්ෂක අමාත්‍යාංශයේ MOD/DEF/HRM/05/AF/ROG/25 දරන නිල ලිපියෙන්ද තහවුරු වේ. තත්වය එසේ වුවත් එම කොන්දේසිය සෘජුවම උල්ලංඝනය කරමින්, ඔහුට වඩා ජේයෂ්ඨත්වයෙන් වැඩි නිළධාරීන් ගුවන් හමුදාවේ සිටියදී එම නිලධාරීන්ගේ නිසි ජ්‍යෙෂ්ඨතාවය සහ අණදීමේ බලතල පසෙකලා අදාළ නිලධාරියාව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා දැඩි උත්සාහයක නිරත වන බව හෙළි වී ඇත. මෙය සේනාධිනායක නියෝගය අභිබවා යාමක් බව ගුවන් හමුදාවේ උසස් නිලධාරිහු පවසති. මෙම තත්වය හමුවේ අසාධාරණයට ලක්වූ ජ්‍යෙෂ්ඨ එයාර් මාර්ෂල්වරුන් අටදෙනෙකු (08) විසින් ගුවන් හමුදාධිපති මාර්ගයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිතුමන් වෙත හදිසි අභියාචනයක් යොමුකිරීමට කටයුතු කර තිබේ. ජනාධිපතිවරයාගේ මුල් නියෝගයේ කොන්දේසි සුරක්ෂිත කරමින් නිසි ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙල පවත්වාගෙන යාමට වහාම මැදිහත් වන ලෙස එමඟින් ඔවුන් ඉල්ලා ඉල්ලා සිටිති. මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා තීරණය ගැන ගුවන් හමුදාවේ උසස් නිලධාරිහු දැඩි අවධානයෙන් සිටින බවද මේ තත්වය ගුවන් හමුදාවට පමනක් නොව මෙරට සමස්ත ආරක්ෂාවටම බලපෑ හැකි තත්වයක් බවත් ඔවුන් සදහන් කර සිටී. Post navigation වැලිකඩ ගැටුම සම්පූර්ණයෙන් පාලනය කෙරේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළේ සිට ඊශ්‍රායල් රැකියා ජාවාරමක යෙදුණු දෙදෙනෙක් අත්අඩංගුවට ගනී.