Post Views: 259 ඊයේ (6) දින සවස වැලිකඩ නව මැගසින් බන්ධනාගාරය ඇතුළට පිටතින් වැටුණු මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධව එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමඟ රාත්‍රී 10.30 පමණ රැදවියන් අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවී ඇත. මේ තත්වය නිසා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ හමුදාව යොදවා රැදවියන් පාලනය කිරීමට පියවර ගන්නා ලද බව බන්ධනාගාර අධිකාරිය සදහන් කරයි. බන්ධනාගාර තුල සිටින රැදවියන් බොහෝ පිරිසක් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට ඇබ්බැහිවී සිටීම නිසා සමහර නිළධාරීන් පවා ඔවුන්ට යම් අවස්ථාවල සහාය දක්වන අතර එසේ නොවන අවස්ථාවන් වලදී ගැටුම්කාරී තත්වයන් ඇතිවී ඇත. විශේෂයෙන්ම පසුගිය කාලයේ පිහිටවූ බන්ධනාගාර පොලිස් ඒකකය මගින් කරනු ලබන පරීක්ෂා කිරීම් සම්බන්ධව රැදවියන් පමණක් නොව බන්ධනාගාර නිළධාරීන් පවා හෙලි නොකල අකමැත්තක් ඇතිව සිටි බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. මේ තත්වය තුල මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින රැදවියන් කුමන හෝ මාර්ගයකින් සිය අවශ්‍යතා සපුරා ගැනීමට කටයුතු කරන අතර මෙම සිදුවීමෙහි මූලාරම්භයත් එවැනි උත්සාහයක් වැලැක්වීමට කටයුතු කිරීමයි. මෙහිදී රැදවියන් බන්ධනාගාර දේපල වලට හානි සිදුකර තිබූ අතර ඇතිවූ තත්වයෙන් එක් රැදවියෙකු මියගොස් තවත් රැදවියන් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. කෙසේ වෙතත් අද (7) උදෑසන වන විට තත්වය මුලුමනින්ම පාලනය කල අතර ගැටුමට මුල් වූ රැඳවියන් කිහිපදෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවීමටත් කටයුතු කරන ලදී. Post navigation මහර ඛේදවාචකයේ යථාර්ථය, සිරමැදිරි තුළ පුපුරා ගිය පීඩනය සහ පලිගැනීමේ දේශපාලනය ගුවන් හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධුරයට කරන්න යන පත්කිරීමක් ගැන අර්බුදයක්.