මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ලෙසට පොලීසිය විසින් හදුනාගෙන ඇති “ශිරාන් බාසික්” නමැත්තා ඊයේ (14) රාත්‍රීයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එන ලදී.

දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි ශිරාන් බාසික් 48 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර ඔහු ජාත්‍යන්තර පොලීසිය මගින් නිකුත් කළ රතු වරෙන්තුකරුවෙකි. ශිරාන් බාසික් ඉකුත් 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගොස් ඩුබායි හි ධන කුවේරයෙකු ලෙස සැඟව සිට ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

ඉරාන – අමෙරිකා යුද්ධයේදී, ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පහරදීම සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයේ තබා ගෙන සිටිම නිසා පසුගිය මැයි මස 26 වෙනිදා ඩුබායි පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහු පිළිබඳ විමර්ශන කටයුතු සඳහා අමෙරිකාව විසින් මොහුව එරටට ලබාදෙන ලෙස ඉල්ලීමක්ද කර තිබූ බව වාර්තා වෙයි.

ශිරාන් බාසික් මෙරටට මත්ද්‍රව්‍ය සැපයුම් සිදු කරන මහා පරිමාණ ජාවාරම්කරුවන් 5 දෙනාගෙන් එක් අයෙකු වන බවට පොලීසිය සදහන් කරන අතර කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු, සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත, දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ රැගෙන යන ලදී.

ඔහු සමග තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන දෙදෙනෙකුද රැගෙනවිත් තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *