Post Views: 152 සිය ආයතනයේ සේවය කළ සේවකයකුට බැන තර්ජනය කර පහරදුන්නැයි කියන සිද්ධියකට අදාළව ව්‍යාපාරිකයකු වූ විරාජ් වික්‍රමනායක (මිස්ටර් කොත්තු) මහරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මහරගම පිහිටි සිය ව්‍යාපාර ආයතනයේ සේවකයකුට පහරදීමේ සිද්ධියකට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට සංසරණය වූ බවත් පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් වන පැමිණිල්ලකට අනුව මොහුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. සැකකරු නිතීඥවරුන් දෙදෙනෙක් සමඟ අද (30) පොලිසියට පැමිණි අතර ඉන් පසුව පොලීසිය විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම පුද්ගලයාව අද (30) ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ. Post navigation මාතර පාලමෙන් ගඟට පනින්න ගිය තරුණියව අන්තිම තප්පරයේ බේරාගත් පාසල් සිසුවා.