වරදකරුවන්ට දඬුවම් ලබා දීම නීතියේ ප්‍රතිපාදන මත නිසි පරිදි කලයුතුයි. චෝදනාවක් තිබූ පමණින් කිසිවෙකුත් වැරදිකරුවෙකු වන්නේවත් චෝදනාවක් නොතිබූ පමණින් කිසිවෙකුත් නිවරදිකරුවෙකු වන්නේවත් නැත. කපිල චන්ද්‍රසේනගේ මරණය හරහා සැඟවුනු රහස් ගණනාවක් එලියට එයිද….

අනතුරුව මරණ පරීක්ෂණයට අදාළව සාක්ෂි ලබාදුන්නේ මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සහෝදරියගේ සැමියා වූ අරවින්ද ද සිල්වා මහතායි.

“ඇප ලැබුණ දවසේ කපිල මට කතා කරලා කිව්වා ‘ලෝයර්ට කතා කරලා ඇප තියන්න මුදල් ලෑස්ති කරන්න’ කියලා. ඒ වගේම ‘එක් ඇපකරුවෙක් ඉන්නවා,තව දෙන්නෙක් අවශ්‍යයි’ කියලා. කොහොමහරි ‘ඉදිරිපත්කරපු ඇපකරුවන් දෙදෙනාට ග්‍රාමසේවා සහතික නැහැ’ කිව්වාට පස්සේ මම මට සමීප කපිලවත් දන්න තවත් ඇපකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කරලා පසුදිනයේ ඇප ගත්තා.
07 වැනිදා උදේ කපිල මට Call කරලා ‘බොහෝම ස්තූතියි,කවුරුත් නැති වේලාවක ඕගොල්ලෝ විතරයි හිටියේ’ කිව්වා. පස්සේ මට දෙතුන් දෙනෙක් Msg දාලා තිබ්බා කපිලට ආයෙත් ප්‍රශ්නයක් කියලා. මම ආයෙත් කපිලට Call කරපුවාම කිව්වා ‘ආයෙත් උසාවි කේස් එකක්’ කියලා. මම කිව්වා ‘අපේ ගෙදරට එන්න, ඇවිල්ලා Lawyer Mr. රියෙන්සි එක්ක කතා කරලා මොකක්ද කරන්න පුළුවන් බලමු’ කියලා. පස්සේ හවස අපි Lawyer ට කතා කරපුවාම ඔක්කෝම විස්තරය දැනගන්න ඕන නිසා ‘කපිලව ගෙදර තියලා ඇවිල්ලා හම්බෙන්න’ කිව්වා. අපි කපිලව අපේ ගෙදර තියලා Lawyerව හම්බෙන්න ගියා. ඒ වෙද්දි කපිලව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් වෙලයි තිබුණේ. Mr. රියෙන්සි කිව්වා ‘ඊළඟ දිනයේ කපිලව අධිකරණයට ඉදිරිපත් කරන්න අවශ්‍යයි. ප්‍රියන්ත කියලා Lawyer කෙනෙක්ව උදේට ගෙදරට එවන්නම්’ කියලා Number එක දුන්නා. මම ගෙදර ඇවිල්ලා lawyer ප්‍රියන්තට Call කළා. එයා කිව්වා ‘උදේ කපිලව එක්කගෙන යන්න එනවා. ඒ නිසා ගෙදර නොයා එයාට අපේ ගෙදරම ඉන්න කියන්න’ කියලා. ඊට පස්සේ කපිල මගේ ඉස්සරහාම එයාගේ ගෙදර වැඩකරන කෙනාට Call කළා. ‘බෙහෙත් වගයකුයි ඇඳුම් වගයකුයි ගෙන්නගන්න ඕනේ’ කිව්වා. තව ‘ජිම් මැට් එකක් තියෙනවා, ඒකත් එවන්න’ කිව්වා. ‘මම ඇහුවා කොහෙද මචං මේ වෙලාවේ ජිම් යන්න හදන්නේ?’ කියලා. එයා කිව්වා ‘නැහැ ඇඳුම් එල්ලගන්න ඕනේ’ කියලා. මම මගේ Driver ට කපිලගේ ගෙදරට ගිහින් ඒ ටික අරන් එන්න කිව්වා. මගේ Driver බඩු ටික ගෙනල්ලා මේසේ උඩ තිබ්බා. පස්සේ අපි දෙන්නා ටිකක් කතා කරකර හිටියා එතකොට කපිල කිව්වා ‘මම එළියට ඇවිල්ලා දවසයි, ආයෙත් මෙයාලා මාව ඇතුළට දාන්න හදනවා’ කියලා. ඇතුළට යන්න විශාල අකමැත්තක් ඔහුගෙන් මට තේරුණා. මම කිව්වා ‘වොරි වෙන්න එපා, අපි මේක ශෝට්අවුට් කරගමු’ කියලා. පස්සේ මම උඩට ගිහිල්ලා එයාට කාමරය පෙන්නුවා. AC එකත් දාලා මම කිව්වා ‘දැන් හොඳට රිලැක්ස් එකේ නිදාගන්න. අපි හෙට මේකට මුහුණ දෙමු’ කියලා. ඔය ඔක්කෝම වෙලා ඉවරවෙද්දි රෑ 12.30ට වගේ ඇති. උදේ 7යි ගාණකට Lawyer ගෙදරට ඇවිල්ලා Call කරද්දි මම ඇහැරුණා. කපිලට දෙපාරක් Call කළාට Answer කළේ නැහැ. කාමරයට ගිහින් දොරට තට්ටු කළා, එහා පැත්තේ කාමරයෙන් ගිහින් බාත් රූම් එක පැත්තෙනුත් තට්ටු කළා. එත් ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. පස්සේ මම පහළට ඇවිල්ලා Lawyer ට කිව්වා ‘කපිල ලෑස්තිවෙනවා ඇති’ කියලා. Wife ට කිව්වා ‘කපිලව ඇහැරවලා ඉක්මනට Lawyer එක්ක යවන්න’ කියලා. පස්සේ කපිලගෙන් ප්‍රතිචාරයක් නැති නිසා Wife සහ Lawyer Mastee Key එකෙන් දොර ඇරලා බලද්දි තමයි මේක දැකලා තියෙන්නේ”.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ වැඩිදුර සාක්ෂි විමසීම ලබන 14 වනදා යළි පැවැත්වීමට නියමිතයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *