2024 වසරේ තලපති විජේ (සී ජෝශප් විජේ) විසින් ආරම්භ කල තමිලග වෙට්ට්‍රි කලගම්’ (TVK) පක්ෂය ඉදිරිපත්වූ පළමු මැතිවරණයෙන්ම ඉන්දීය දේශපාලනය උඩුයටිකුරු කල ජයග්‍රහණයක් ලබා ගන්නා ලදී.

ආසන 234 ක් සහිත තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේදී පළමුවරට ආසන 108 ක් ලබා ගනිමින් ඉතිහාසගත ජයග්‍රහණයක් වාර්තා කර සිටින විජේ ප්‍රමුඛ TVK පක්ෂය ඉදිරියේදි ඉන්දීය රජයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව දේශපාලන විචාරකයන් පවසති. මේ තත්වය ශ්‍රී ලංකාවටද ප්‍රබලව බලපානු ඇත්තේ තලපති විජේ යනු ප්‍රබල එල් ටී ටී ඊ හිතවාදියෙකු බැවිනි.

නිල ඡන්ද ප්‍රතිඵලයටත් පෙර විජේගේ පක්ෂයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය සුබපැතුම් එක් කර තිබෙනවා. සිය නිල X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින්, TVK පක්ෂය මෙවර මැතිවරණයේදී පෙන්වූ සුවිශේෂී දස්කම් පිළිබඳව හෙතෙම සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

නිල මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමටත් පෙරම අග්‍රාමාත්‍යවරයා මෙලෙස සුබපැතුම් එක් කිරීම විශේෂත්වයක් බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ අතර TVK නායක විජේගේ පුද්ගලික රියදුරු වන රාජේන්ද්‍රන්ගේ පුත්‍රයා වන R සබරිනාදන් තමිල්නාඩුවේ විරුගම්බක්කම් සභා මැතිවරණ කොට්ඨාශය ජයග්‍රහණය කර ඇත.
සබරිනාදන්, DMK මන්ත්‍රී A M V ප්‍රභාකර රාජා ඡන්ද 27,086 කින් පරාජය කර තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *