ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 83 වන වියේ පසුවුණි.

හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන් වූ විජේසේකර මහතා, මාතර, ගොඩපිටියේ දී 2009 වර්ෂයේ මාර්තු මස 10 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලැබීමෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටින ලදී.

අසාධ්‍යව සිටි කාලයේදී ඒ මහතාගේ සුවදුක් බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද කිහිපවරක්ම පැමිණෙන ලදී.

මහින්ද විජේසේකර මහතා, 2008 වසරේ දී තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය හෙබවූ අතර, 2001-2004 කාලයේ දී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරීය.
අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20 කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *