Post Views: 177 ශ්‍රී ලංකා තැපෑල යනු, වසර 200 කටත් අධික ඉතිහාසයක් ඇති මහජන සේවාවකි. මෙරට සමස්ත ජන සමාජයම එක් වරක් හෝ සේවය ලබාගෙන ඇති ශ්‍රී ලංකා තැපෑල සිය අභිමානවත් බව ක්‍රමයෙන් විනාශ කරගනිමින් පවතින බව මේ වනවිටදී පෙනීයයි. මෙයට හේතු වන්නේ තැපෑලේ සිදුවන අක්‍රමිකතා පිළිබඳව විෂයබාර අමාත්‍යවරයා දක්වන නොසැලකිල්ලයි.ඒ සදහා උදාහරණ ලෙස පෙන්වාදිය හැකි අවස්ථා රාශියක් පසුගිය දිනවලදී ජනතාව දැන ගැනීමට ලැබුනි. මෙවන් තත්වයක් තුල පසුගියදා තැපෑලේ වෙබ් අඩවියට පරිගණක හැකර්වරුන්ගේ ප්‍රහාරයක් එල්ලවූ අතර එහි ප්‍රතිපලයක් ලෙස විවිධ ක්‍රම වලින් විශාල පිරිසක් මූල්‍ය වංචාවන්ට හසුවූ බව වාර්තාවිය. මේ සිදුවීමත් සමග තැපැල් දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සිය වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කෙරී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනතාවට ප්‍රවේසම් වන ලෙසත් දන්වන ලදී. බොහෝ අවස්ථාවල තැපෑල ගැන ජනතාවගෙන් එල්ලවන චෝදනාවක් වන්නේ සිය ලිපි පාර්සල් අස්ථානගතවීම සම්බන්ධවයි. මේ සම්බන්ධයෙන් ජනතාව නගන චෝදනාවන් වලදී ඒවා ගැන නිසි සොයාබැලීමක් නොකරන බවට හොදම උදාහරණයක් පසුගියදා පෙනුනි.මෙහිදී පාදුක්ක තැපැල් කාර්යාලයේ කවුළු නිළධාරියෙකු සිදුකල රාජකාරී පැහැර හැරීමක් සම්බන්ධව තැපැල්පතිට විධිමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එම පැමිණිල්ල විද්‍යුත් තැපැල් මගින් සහ ලියාපදිංචි තැපැල් මගින් තැපැල් පති වෙත යවා තිබුනි. මසකට අධික කාලයක් ගතවීත් එම පැමිණිල්ලට කිසිදු පියවරක් නොගැනීම මත ඒ සම්බන්ධව තොරතුරු දැන ගැනීමේ පනත ප්‍රකාරව කරුණු විමසීමේදී හෙලිවූයේ ඉතාම හාස්‍යජනක හා කණගාටුදාක පුවතකි. තැපැල්පතිට ලියාපදිංචි තැපෑලෙන් යැවූ ලිපිය අස්ථානගතවී ඇති බවත් විද්‍යුත් තැපෑලේ දෝෂයක් නිසා එයද නොලැබී ඇති බවත් තැපැල් දෙපාර්තමේන්තුව ලබාදුන් පිලිතුරයි.මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කැබිනට් මාධ්‍ය හමුවේදී විෂයබාර අමත්‍යවරයා වන නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසූවිටදී ඔහු ඒ සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය දැන ගැනීමට පහත වීඩීයෝව බලන්න. Post navigation ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි අද කාලගුණ තත්වය.