2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති අතර එම විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වේ.

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56% ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුනු නමුත් අදාල මිළ වැඩිවීම සිදුවන්නේ භාවිතා කරන ඒකක ප්‍රමාණය මතය.
මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 4.3% කින් ඉහළ යන අතර ඒ අනුව මාසිකව බිල්පතේ වැඩිවීම රුපියල් 15කි.

31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9% කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45 කින් ඉහළ ගොස් තිබේ.
61-91 අතර කාණ්ඩය සඳහා 6.9% කින් ඉහළ දමා ඇති අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120 කි.
91-180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1% කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩිවීම 420 ක්ද වේ.
180ට වැඩි ඒකක සඳහා ඉහළ විදුලි ගාස්තු ප්‍රතිශතයකින් වැඩි වී ඇති අතර එය 25% කින් විදුලි ගාස්තු වැඩිවීමක් ද සිදුකර තිබේ.

මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇති අතර එම අංශයේම ඒකක 180 ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6% ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

මේ අතර පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8% කින් ඉහළ දැමීමටද තීරණය කර ඇති අතර කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7 ක් දක්වා පමණක් සීමා කිරීමටද එම කොමිෂන් සභාව තීරණය කර ඇත.

රාජ්‍ය ආයතන සඳහාද විදුලි ගාස්තුව 14.1% කින් ඉහළ දැමීමටද උපයෝගීතා කොමිසම තීරණය කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *