සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරී කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන එන ලදී.

මෙම පුද්ගලයා මිනීමැරුම්, මංකොල්ලකෑම්, ගිනිඅවි සන්තකයෙහි තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු චෝදනා රැසකට ශ්‍රී ලංකාවේ අධිකරණ කිහිපයකම චෝදනාවට ලක් වී සිටින්නෙකි.

මිදිගම චූටි අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබූ අතර, ඔහු ඕමානයේ සුපිරි හෝටලයක රැදී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරී කණ්ඩායමක්, ඕමානයේ මස්කට් නුවර වෙත ගොස් අද අලුයම 04.27ට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

එහිදී ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *