පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු සේවාවන් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එහිදී, පසුගිය මාර්තු 23, 24 සහ 26 යන දිනවල පද්ධති දෝෂ හේතුවෙන් හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එක්දින සේවය යටතේ හැඳුනුම්පත් නිකුත් කරන බව සඳහන්.

එමෙන්ම, බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ සහ පළාත් කාර්යාලවල සුපුරුදු පරිදි එක්දින සේවාවන් මාර්තු 31 වන අඟහරුවාදා සිට යළි ක්‍රියාත්මක කරන අතර සාමාන්‍ය සේවා කටයුතු 2026 අප්‍රේල් 06 වැනි සඳුදා සිට ආරම්භ කෙරෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *