මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් පත්කරන ලද්දේ 2025 අප්‍රේල් මාසයේදී ය. අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මෙම පත්කිරීම සිදුකර තිබිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *