Post Views: 116 තායිලන්තයේ බැංකොක් සිට අද (25) අළුයම මෙරටට පැමිනි TG307 දරණ ගුවන් යානයෙන් නීති විරෝධී අයුරින් රට තුලට රැගෙන ඒමට උත්සහාකල සජීවී සතුන් 26 දෙනෙකු සහ කුරුල්ලන් 16 දෙනෙකු සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයා සිය ගමන් මළු තුල සගවාගෙන මෙම සතුන් රට තුලට රැගෙන ඒමට උත්සහාගෙන ඇති අතර කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කල දැනුම්දීමක් මත ගුවන් තොටුපලට අනුයුක්ත රේගු නිලධාරීන් විසින් ඔහුව අත් අඩංගුවට ගෙන ඇත. මෙම සජීවී සතුන් සහ කුරුල්ලන් අතර ඉත්තෑවන්, ලේනුන්, ගිනි පිග් වර්ගයේ මීයන්, හම්බාවන් සහ පරෙවි විශේෂ දක්නට ලැබූ අතර මේ සම්බන්ධව රේගු විමර්ෂණය ශ්‍රී ලංකා රේගුවේ ජෛවවිවිධත්ත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණය ඒකකයේ මුලිකත්වයෙන් සිදු කිරීමෙන් අනතුරුව විධිමත් රේගු පරීක්ෂණයක් පවත්වා අදාළ ගුවන් මගියාට දඩ නියම කර සතුන් සහ කුරුල්ලන් නැවත තායිලන්තයට හරවා යැවීමට කටයුතු කර ඇත. Post navigation වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න පත් කෙරේ. ICCPR යටතේ අත් අඩංගුවට ගැනීම් කිරීමේදී කලයුතු දේවල් ගැන පොලිස්පති අලුතින් කිව්ව දේවල්.