ග්‍රාම නිලධාරී සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන තරග විභාගය මාර්තු 29 වන දා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කරයි.

මෙරට රාජ්‍ය සේවාව තුළ මහජනතාව සමග ඉදුරාම සම්බන්ධ වන විශේෂිත තනතුරක් වන මෙය ස්ථීර සහ විශ්‍රාම වැටුප් සහිත තනතුරක් වන අතර මේ සදහා බඳවා ගනු ලබන්නේ, තරග විභාගයකින් හා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයකින් සමත් වන්නන්ගෙන් කුසලතා අනුපිලිවෙලටයි.
එසේ බඳවාගනු ලබන්නන් මාස 6ක පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කිරීමත් අනිවාර්ය වේ.

එළඹෙන 29 වනදා පැවැත්වෙන විභාගය මූලික වශයෙන් ප්‍රශ්න පත්‍ර 03 කින් සමන්වීත වේ.
භාෂා භාවිතය සහ අවබෝධය (කාලය පැය එක හමාරකි) මුළු ලකුණු සංඛ්‍යාව 100ක් ලබා දෙන මෙම ප්‍රශ්න පත්‍රය හරහා මැන බලනුයේ රාජ්‍ය සේවයේදී තිබිය යුතු ම හැකියාවක් වන ලේඛන හැකියාව යි. අක්ෂර වින්‍යාසය, භාෂාව හා රචනය, දෙන ලිපියක් කෙටුම්පත් කිරීම හා සාරාංශ කිරීම ආදී හැකියාවන් මෙහිදී විමසා බැලේ.

දේශීය හා ගෝලීය ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනීම (කාලය පැය එක හමාරයි) මුළු ලකුණු 100ක් හිමි වන අතර කාලීන වැදගත්කමක් සහිත දේශපාලනික, ආර්ථික, සමාජීය, පාරිසරික සහ විනෝදාස්වාදය යන විෂයයන් අයත් දැනුම පිළිබඳව මැන බැලීම සිදු කරයි.

අභියෝග්‍යතාව (කාලය පැයයි) ලකුණු 100ක් ලබා දෙන අතර මෙමගින් සංඛ්‍යාත්මක දැනුම, තර්කන හැකියාව මෙන් ම ගැටලු නිරාකරණය ආදී ක්ෂේත්‍රවලට ඇති හැකියාව මැන බැලේ.

ඒ අනුව මෙම විභාගයෙන් සමත් වීමට නම් සෑම ප්‍රශ්න පත්‍රයකට ම ලකුණු 40 බැගින් ලබා ගත යුතු ය. නමුත් ප්‍රශ්න පත්‍ර සියල්ලේ ම ලකුණුවල එකතුව ගණනය කොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පවතින පුරප්පාඩුවලට අනුව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලබන අදාළ අපේක්ෂකයින්ගේ අනුපිළිවෙළ සකස් කිරීම කරනු ලබයි. මේ නිසා තරඟ විභාගයෙන් ඉහලම ලකුණු ලබාගැනීමට සෑම අපේක්ෂකයෙකුම උත්සහා කලයුතු වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *