ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ නැංවීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු.10 කින් ඉහළ නංවන අතර එහි නව මිල රුපියල් 130 ක් බව බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ.

එමෙන්ම අනෙකුත් සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් මිල ඉහළ නංවන බවත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

මේ අතර ත්‍රී රෝද රථ ගාස්තුවද ඉහල නංවන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සදහන් කර සිටින අතර ත්‍රී රෝද රථ වල පළමු කිලෝමීටරය සඳහා ගාස්තුව රුපියල් 10 කින් ඉහළ නංවන බව සදහන් කර තිබේ.

ඒ අනුව එහි නව ගාස්තුව රුපියල් 110 දක්වා ඉහළ යනු ඇත.

දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 85 ක්ව පැවැති ගාස්තුව රුපියල් 90 දක්වා වැඩි කිරීමට කළ බවත් එම අධිකාරිය සඳහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *