ජනාධිපති ලේකම් කාර්යාලය දැනට වාහන 634 ක් භාවිතා කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (20) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයට සාපේක්ෂව ජනාධිපති ලේකම් කාර්යාලය භාවිතා කරන වාහන සංඛ්‍යාව 200 කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කර ඇති බවයි.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වාහන 833 ක් ලේකම් කාර්යාලය යටතේ පැවති බවයි.

මෙහිදී මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ප්‍රශ්න කර සිටියේ නාස්තිය අවම කර අවම වාහන සංඛ්‍යාවක් භාවිතා කරන බවට රජය පොරොන්දු වුවද, 600 කට අධික වාහන සංඛ්‍යාවක් තවදුරටත් භාවිතා කරන්නේ කෙසේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ රජය පොරොන්දු වූයේ වාහන භාවිතය සීමා කිරීමට බවත්, එය මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බවත්ය. “අපි පොරොන්දු වුණේ වාහන භාවිතය අඩු කරනවා කියලා. අපි දැන් ඒක කරලා තියෙනවා. මන්ත්‍රීවරයාට ඒක තේරුම් ගන්න බැරි නම් මට කරන්න දෙයක් නැහැ,” යනුවෙන් ඇය පැවසුවාය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ වාහන 60 ක් පමණ විවිධ රාජ්‍ය ආයතන වෙත ලබා දී ඇති බවද මෙහිදී අනාවරණය විය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *