Post Views: 263 QR කෝඩ් එක මෙරට පළමු වරට ක්‍රියාත්මක වූයේ 2022 වසරේ ජුලි 21 දින දීය. ඉන් අනතුරුව වසරකටත් වැඩිකාලයක් ක්‍රියාත්මක වූ එම ක්‍රමය 2023 සැප්තැම්බර් 01 දින සිට අහෝසි කරනු ලැබුවා.දැන් නැවතත් එම පැරණි දත්ත පද්ධතියම භාවිතා කරමින් ඉන්ධන කෝටා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පසුගිය 15 වනදින සිට යලි ආරම්භ කලා. මෙහිදී තවමත් තමන් සතුව පැරණි වාහනය සහ එම වාහනය ඉන්ධන කෝටා ක්‍රමයට ලියාපදිංචිය සිදුකල ජංගම දුරකථනය තවමත් භාවිතා කරන සියල්ලන්ටම ගැටළුවකින් තොරව එම පැරණි QR එකම ලබාගැනීමට හැකියාව ලැබුනි.ඉන් පරිබාහිරව මෙරට වාහන හිමියන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළු කිහිපයක් මෙහිදී මතුවී ඇත. මොනවාද ? පැරණි QR එක සහිත වාහනය තවමත් තමන් ලග ඇති නමුත් එම QR එක සෑදීමට භාවිතා කල දුරකථන අංකය දැන් තමන් සතුව නොමැති අය.පැරණි QR එක සහිත වාහනයක් මිලදී ගත් නව හිමිකරුවන්.QR ක්‍රමයට ලියාපදිංචියක් නොවූ පැරණි වාහන මිලදී ගත් අය.අලුතින්ම වාහනයක් මිලදී ගත් අය.වාහන කිහිපයක් ඇති අය. මේ කොට්ඨාශ අතුරින් පැරණි QR එක සහිත වාහනයක් මිලදී ගත් නව හිමිකරුවන් සිය වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පැවරීම් ලියාපදිංචි කර නව හිමිකරු ලෙස ලියාපදිංචි වී ඇත්නම් ඔවුන්ට සිය වාහනය සදහා අලුතින් QR එකක් ලබාගැනීමට දැන් හැකියාව ඇත. මෙහිදී මතක තබාගත යුතු කරුණක් නම් ඔබගේ ජාතික හැදුනුම්පතට මීට පෙර QR එකක් සකසා තිබුනි නම් ඒ සදහා ඔබේ පවුලේ වෙනත් සාමාජිකයෙකුගේ ජාතික හැඳුනුම්පතක් භාවිතා කරන්න. එසේම මීට පෙර QR එකක් සකසා ගැනීමට භාවිතා නොකල ජංගම දුරකථන අංකයක් ද භාවිතා කරන්න. QR ක්‍රමයට ලියාපදිංචියක් නොවූ පැරණි වාහන මිලදී ගත් අයටද මීට පෙර QR එකක් සකසා නොතිබූ ජාතික හැදුනුම්පත් අංකයක් සහ මීට පෙර QR එකක් සකසා ගැනීමට භාවිතා නොකල ජංගම දුරකථන අංකයක් භාවිතා කර QR එකක් ලබාගැනීමට හැකියාව ඇත. අලුතින්ම වාහනයක් මිලදී ගත් අයටද සිය වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර අංකයක් ලබා ඇත්නම් මීට පෙර QR එකක් සකසා නොතිබූ ජාතික හැදුනුම්පත් අංකයක් සහ මීට පෙර QR එකක් සකසා ගැනීමට භාවිතා නොකල ජංගම දුරකථන අංකයක් භාවිතා කර QR එකක් ලබාගැනීමට හැකියාව ඇත. පැරණි QR එක සහිත වාහනය තවමත් තමන් ලග ඇති නමුත් එම QR එක සෑදීමට භාවිතා කල දුරකථන අංකය දැන් තමන් සතුව නොමැති අයටත් මීට පෙර QR එකක් සකසා ගැනීමට භාවිතා නොකල ජංගම දුරකථන අංකයක් භාවිතා කර QR එකක් ලබාගැනීමට දැන් හැකියාව ඇත. වාහන කිහිපයක් ඇති අය සිදුකල යුත්තේ පෙර පරිදිම තම පවුලේ සාමාජිකයන්ගේ මීට පෙර QR එකක් සැකසීමට යොදානොගත් ජාතික හැදුනුම්පත් අංකයක් සහ මීට පෙර QR එකක් සකසා ගැනීමට භාවිතා නොකල ජංගම දුරකථන අංකයක් භාවිතා කර එක් එක වාහනයට වෙන වෙනම QR ලබාගැනීමට කටයුතු කිරීමයි. QR එක හදන්න පහළ link එකෙන් ලොග් වෙන්න. https://fuelpass.gov.lk මුලින් එන Vehicle Login බොත්තම මත Click කර ඔබගේ දුරකථන අංකය ලබාදී ඒ සදහා OTP අංකයක් නිකුත් වන්නේ දැයි බලන්න. එසේ OTP අංකයක් ලැබේ නම් ඔබේ ජංගම දුරකතනය QR කේතයකට තවමත් සක්‍රීයව පවතී. එය පරීක්ෂාකර බලා එය ඔබගේ වාහනය අදාල නොවේ නම් එම දත්ත මකාදැමීමට එම තීරුවේ පහළ ඇති Delete Profile බොත්තම ඔබන්න. එය සත්‍යාපනය කිරීමෙන් පසු ඔබගේ ජංගම දුරකතනයට අදාල පරණ QR දත්ත ඉවත් වනු ඇත. ඊළගට ඇප් එකේ මුලට නැවත ගොස් Vehicle Registration මත Click කර ඔබගේ නිවරදි තොරතුරු ලබාදී අලුත් QR කේතය ලබාගන්න. මතක තබාගත යුතු කරුණු,එක් වාහනයක් සහ එක් මොබයිල් අංකයකට එක ජා.හැ .ප /ගමන් බලපත්‍ර අංකයක් පමණක් වලංගු වේ.ලියාපදිංචි වීමේදී ලබාදෙන ජා.හැ.ප අංකය/ නම / ලිපිනය, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි ඇතුලත් තොරතුරු වලට සමාන වීම අත්‍යවශ්‍ය නොවේ.සමාගම් සහ රජයේ වාහන/යතුරු පැදි ලියාපදිංචි කල හැක්කේ එක් ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ අංකයක් යටතේ එවැනි එක වාහනයක් සදහා පමණි. එක් අංකයක් යටතේ එවැනි වාහන කිහිපයක් ලියාපදිංචි කිරීම සදහා පහත අනුගමනය කරන්නජා.හැ.ප අංකය යටතේ ඔබේ ආයතනය සදහා විශේෂිත කේතයක් ලබාගන්න (ඉලක්කම් වශයෙන් හෝ අකුරින් ). මෙම කේතය සියලු ම වාහන සදහා අදාල කරගත යුතුය.ඕනෑම වාණිජ / රජයේ අමාත්‍යංශ හෝ ආයතන/ NGO/ සමිති සහ වෙනත් ආයතන ලියාපදිංචි විය යුත්තේ ව්‍යාපාර ලියාපදිංචි වීමේ කාණ්ඩය යටතේය.ව්‍යාපාර ලියාපදිංචි වීමේ කාණ්ඩය තෝරා අදාළ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සිදුකරගෙන යන්නබහු වාහන එක මොබයිල් අංකයක් යටතේ ලියාපදිංචි කර හැක.වෙන්කරනු ලබන ඉන්ධන ලීටර් ප්‍රමාණය වාහනයේ වර්ගීකරණය අනුව වෙනස් වේ . එම අගය තීරණය කරනු ලබන්නේ ජාතික විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසිනි ලියාපදිංචි වීමේදී සැලකිය යුතු කරුණුඔබේ මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි ඇති පරිදිම ඉංග්‍රීසි කැපිටල් හා සිම්පල් අකුරු එලෙසින්ම සදහන් කරමින්, චැසි අංකය ඇතුලත් කරන්න.“ශ්‍රී”සමග ඇති වාහන අංක ඇතුලත් කිරීමේදී ඉලක්කම් පමණක් අදාළ කොටුව තුල ඇතුලත් කල යුතුයඋදා: 3 ශ්‍රී -1234 3 1234වාහන වර්ගය තෝරාගැනීමේදී මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයෙහි දක්වා ඇති වර්ගීකරණය ම පමණක් අදාළ කරගන්න.BIKE | MOTOR CYCLE / LIGHT MOTOR CYCLE3WHEEL | MOTOR TRICYCLE / MOTOR TRICYCLE VAN / INVALID CARRIAGEQUADRICYCLE | QUADRICYCLECAR | MOTOR CAR / INVALID CARRIAGEVAN | DUAL PURPOSE VEHICLEBUS | MOTOR COACH / PRIVATE COACH / OMINI BUS / LIGHT MOTOR COACHLORRY | MOTOR LORRY / DUAL PURPOSE / LIGHT MOTOR LORRY / M/LORRY(PRIME MOVER) / AMBULANCE / HEARSE / HEAVY MOTOR LORRYSPECIAL PURPOSE VEHICLE | LAND VEHICLE / SPECIAL PURPOSE VEHICLE / NON AGRICULTURE LAND VEHICLELAND VEHICLE | HAND TRACTOR / AGRICULTURE LAND VEHICLE අනිත් අයටත් බලන්න මෙය share කරන්න. Post navigation Civil Society and Media Convene for Transitional Justice in Negombo. ඔබත් හදිසියට ගන්න ඉන්ධන ගබඩා කරගෙන ඉන්නවද මේ ගැන දැනුවත් වෙන්න.