රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බදාදා දිනයේ උපකාරක පන්ති පැවැත්වීමත් තහනම් බව, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සඳහන් කර සිටී.

ඉන්ධන පරිභෝජනය සීමා කිරීමටත් පවතින තොග කළමණාකරණය කරගනිමින් රටේ දෛනික ජනජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් හෙට (18) සිට නැවත දැනුම්දෙන තුරු සතියේ සෑම බදාදා දිනක්ම රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.

මෙම තීරණයට පෞද්ගලික අංශයේත් සහයෝගය බලාපොරොත්තුවන බව සඳහන් කල අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් සඳහන් කලේ මෙම දිනයේ පාසල්,විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන සියල්ල නිවාඩු ලබාදෙන නිසා උපකාරක පංති පැවැත්වීමත් නොකලයුතු බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *