Post Views: 119 මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂ මහතාගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව මීට සුළු මොහොතකට පෙර එම තීරණය ගෙන තිබෙනවා.එහිදී තීරණය කෙරුණේ මැයි පලමුවන දින පෝය දිනයක් බැවින් එදින පෙළපාළි නොගොස් සෑම ප්‍රදේශීය සභාවකම බෝධිපුජාවක් තබා කම්කරුවන්ට සෙත් පැතීමටයි.එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ටී බී ඉලංගරත්න මැතිතුමාගේ පිළිරුව ළඟ ලෝක කම්කරු දිනය සැමරීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය කර තිබෙනවා.මෙම විශේෂ රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය. Post navigation පාස්කු විමර්ශන නව මාවතකට: හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේ 3 වන සැකකරු ලෙස නම් කෙරේ. වසර 55ක “විදුලිබල මණ්ඩල” මෙහෙයුම අවසන්: අනුප්රාප්තික සමාගම් 6 ක් වැඩ අරඹයි.