ඉරානය සමග යුද්ධ කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සතු බලය සීමා කිරීම අරමුණු කරගත් ද්විපාර්ශ්වික යෝජනාවක් අමෙරිකානු සෙනෙට් සභාවේදී පරාජයට පත්වෙයි. එම තත්වය ඇමරිකානූ ජනපති ඉරානයට එරෙහිව සිදුකරන යුධමය ක්‍රියාකාරකම් වලට ලද අනුමැතියක් ලෙස දේශපාලන විචාරකයන් ගේ මතයයි.

ඉරානය සහ ඇමරිකාව අතර යුධමය ක්‍රියාකාරකම් දිගින් දිගටම සිදුවෙමින් පවතින තත්වයක් තුල ඩ්‍රෝන් ප්‍රහාර සහ මිසයිල ප්‍රහාර ද මේ වන විටත් අඛණ්ඩව සිදුවෙමින් පවතියි.

ඇමරිකානූ ජනපතිගේ යුද බලතල සම්බන්ධ මෙම යෝජනාව ඡන්ද 53-47 ක් ලෙසට පරාජයට පත් වූවත් බොහෝ රිපබ්ලිකන් පාක්ෂිකයන් සඳහන් කරන්නේ තවදුරටත් යුද්ධය ව්‍යාප්ත වුවහොත් තමන් සිය ස්ථාවරය වෙනස් කරන බව‍යි. මෙම යෝජනාව සම්මත වූයේ නම්, කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉරානය තුළ සිදුකරන අමෙරිකානු හමුදා ක්‍රියාමාර්ග නතර කිරීමට පවා සිදුවන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *