Post Views: 158 මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන් අඩාල වීමෙන් පීඩාවට පත් විදේශීය සංචාරකයින් සඳහා දිනකට බාත් 2,000 (ශ්‍රී ලංකා රුපියල් විසි දහසක් පමණ) බැගින් මූල්‍ය ආධාර ලබාදීමට සැලසුම් කර ඇති බව තායිලන්තයේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර ඇත. මෙම මූල්‍ය සහනය මගින් අතරමං වූ සංචාරකයින්ට ඔවුන්ගේ ගුවන් ගමන් නැවත ක්‍රමවත් වන තෙක් නවාතැන් සහ ආහාර වැනි අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට සහාය ලබාදීම අපේක්ෂා කෙරේ. සහන සේවා විධිමත් කිරීමට සහ සංචාරකයින්ට සිදුවන අපහසුතා අවම කිරීමට නිලධාරීන් ගුවන් සමාගම්, හෝටල් සහ සංචාරක හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයෙන් මේ වන විට අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කරමින් සිටී. මීට අමතරව, ගුවන් ගමන් අවලංගු වීමෙන් බලපෑමට ලක් වූ සංචාරකයින්ගේ මූල්‍ය බර අඩු කිරීම සඳහා ඔවුන් හට නවාතැන් ගැනීමට හෝටල් සහ සංචාරක ඒජන්සි මගින් වට්ටම් සහිත කාමර ගාස්තු සහ නම්‍යශීලී සංචාරක පැකේජ හඳුන්වා දීමටත් පියවර ගනිමින් ඇත. මෙම ආධාරක පියවරයන් ප්‍රධාන වශයෙන් වැඩිම සංචාරකයින් පිරිසක් රැඳී සිටින ෆුකෙට් (Phuket), ක්‍රාබි (Krabi) සහ බැංකොක් වැනි ප්‍රධාන සංචාරක නගර කෙරෙහි අවධානය යොමු කරන බවත් එරට සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කර සිටී. Post navigation Press Conference for the International Youth Festival 2026 (IFY-2026) Held in Colombo. ඉරානයට එරෙහිව යුද්ධ කරන්න ට්‍රම්ප්ට කොන්ග්රස් මණ්ඩලයේ අනුමැතිය.