Post Views: 142 The text of the following statement was released by the Governments of the United States of America and Bahrain, Jordan, Kuwait, Qatar, the Kingdom of Saudi Arabia, and the United Arab Emirates on the occasion of recent missile and drone attacks launched by the Islamic Republic of Iran across the region. Begin Text: The United States, Bahrain, Jordan, Kuwait, Qatar, the Kingdom of Saudi Arabia, and the United Arab Emirates strongly condemn the Islamic Republic of Iran’s indiscriminate and reckless missile and drone attacks against sovereign territories across the region, including Bahrain, Iraq — including the Iraqi Kurdistan Region — Jordan, Kuwait, Oman, Qatar, the Kingdom of Saudi Arabia, and the United Arab Emirates. These unjustified strikes targeted sovereign territory, endangered civilian populations, and damaged civilian infrastructure. The Islamic Republic’s actions represent a dangerous escalation that violates the sovereignty of multiple states and threatens regional stability. The targeting of civilians and of countries not engaged in hostilities is reckless and destabilizing behavior. We stand united in defense of our citizens, sovereignty, and territory, and reaffirm our right to self-defense in the face of these attacks. We remain committed to regional security and commend the effective air and missile defense cooperation that has prevented far greater loss of life and destruction. End Text. කලාපයේ ඉරානය විසින් සිදු කළ මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශය.කලාපය පුරා ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් දියත් කරන ලද මෑත කාලීන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ බහරේනය, ජෝර්දානය, කුවේට්, කටාර්, සෞදි අරාබි රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල රජයන් විසින් පහත සඳහන් ප්‍රකාශය නිකුත් කරන ලදී.ප්‍රකාශයෙහි ආරම්භය:එක්සත් ජනපදය, බහරේනය, ජෝර්දානය, කුවේට්, කටාර්, සෞදි අරාබි රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් බහරේනය, ඉරාකය —ඉරාක කුර්දිස්තාන් කලාපය ඇතුළු— ජෝර්දානය, කුවේට්, ඕමානය, කටාර්, සෞදි අරාබි රාජධානිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළුව කලාපය පුරා ස්වෛරී ප්‍රදේශවලට එරෙහිව ඉරාන ඉස්ලාමීය ජනරජය විසින් සිදු කරන ලද අවිචාරශීලී හා නොසැලකිලිමත් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර දැඩි ලෙස හෙළා දකී. මෙම අසාධාරණ ප්‍රහාර ස්වෛරී භූමි ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් සිදු කර ඇති අතර, සිවිල් ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති කරමින් සිවිල් යටිතල පහසුකම්වලට හානි සිදු කර ඇත.ඉස්ලාමීය ජනරජයේ මෙම ක්‍රියාවන් බහු රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන අතර කලාපීය ස්ථාවරත්වයට තර්ජනයක් වන භයානක සිදුවීම් වල උත්සන්න වීමක් ලෙස සැලකේ. ගැටුමට සම්බන්ධ නොවන සිවිල් වැසියන් සහ රාජ්‍යයන් ඉලක්ක කර ගැනීම නොසැලකිලිමත් සහ අස්ථාවරකාරී ක්‍රියාවකි.අපගේ පුරවැසියන්, ස්වෛරීභාවය සහ භූමිය ආරක්ෂා කිරීම සඳහා අපි එක්සත්ව සිටින අතර, මෙම ප්‍රහාර හමුවේ ආත්මාරක්ෂාව සඳහා අපට ඇති අයිතිය නැවත තහවුරු කර සිටිමු. කලාපීය ආරක්ෂාව සඳහා අපි තවදුරටත් කැපවී සිටින අතර, ජීවිත හානි සහ විනාශය විශාල වශයෙන් වැළැක්වීමට දායක වූ කාර්යක්ෂම ගුවන් හා මිසයිල ආරක්ෂක සහයෝගිතාවට අපගේ ප්‍රශංසාව පළ කරමු.ප්‍රකාශයෙහි අවසානය. Post navigation ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදුකල ප්‍රහාරයට මාරාන්තික ප්‍රති ප්‍රහාරයක් දීමේ සූදානමක්. Press Conference for the International Youth Festival 2026 (IFY-2026) Held in Colombo.