Post Views: 150 සිය උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඇතුළු ඉහල පෙලේ බලධාරීන් ගණනාවක් මරා දැමීමට හේතුවූ ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදුකල ප්‍රහාරයට මාරාන්තික ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බව ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර ඇත. එමෙන්ම, කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බවත් ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට සිදුකල ප්‍රහාරත් සමග මැදපෙරදිග කලාපය මේ වන විට දැඩි නොසන්සුන්තාවට පත්ව තිබේ. මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිගට ගමන් ගන්නා සියලුම ගුවන් සමාගම් සිය ගුවන් ගමන් තාවකාලිකව නතර කරනු ලැබ ඇත්තේ ද මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සදහායි. පවතින තත්ත්වය සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කිරීම තුළ මේ වන විට ලොව පුරා රටවල් රැසකට බලපාන සිදුවීමක් බවටද පත්ව ඇත්තේ නාවික ප්‍රවාහන ක්‍රේෂ්ත්‍රය අඩපනවීම රටවල් ගණනාවකට සිය සැපයුම් සදහා බාධා ඇතිවීම නිසායි. මේ තත්වය මෙරට ඉන්ධන සැපයුමටද බාධා එල්ල කල හැකි තත්වයක් වුවත් ඛනිජ තෙල් අමාත්‍යාංශය සදහන් කරන්නේ ජනතාවට කලබල වීමේ අවශ්‍යතාවයක් නැති බවත් මාසයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත තමන් සතුව පවතින බවත් ය. Post navigation ඉරානයේ උත්තරීතර නායක මියයයි. ප්‍රහාරයෙන් ඉහල පෙලේ නිළධාරීන් 40 කුත් මරුට. Joint Statement on Iran’s Missile and Drone Attacks in the Region.