Post Views: 134 ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරන ලද දැවැන්ත ඒකාබද්ධ හමුදා ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වාර්තා වේ.ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අනුව, ප්‍රහාරය ඔහුගේ පරිශ්‍රය අසල ප්‍රදේශ ඇතුළුව ටෙහෙරානයේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කර එල්ලව ඇත. ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ඊශ්‍රායල බුද්ධි අංශ ඔහුගේ මරණය තහවුරු කළ බවත් වාර්තා වේ. ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය මේ වනවිට තහවුරු කර ඇති අතර සිය ආධ්‍යාත්මික නායකයාගේ අභාවය වෙනුවෙන් දින 40 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම දැවන්ත ප්‍රහාරයෙන් අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුණුපුරා ද මිය ගොස් ඇති බව වාර්තා වන අතර ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරියා සහ ආරක්ෂක අමාත්‍යවරයා ද ඇතුළුව නිළධාරීන් 40 ක් පමණ විවිධ ස්ථානවලදී මියගොස් ඇති බවත් විදෙස් ප්‍රවෘත්ති වාර්තා සදහන් කර සිටී. 1939 දී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාඩ්හි උපත ලැබු අයතුල්ලා අලි කමේනි 1989 සිට ඉරානයේ උත්තරීතර නායකයා ලෙස කටයුතු කරන ලදී. රාජ්‍ය නායකයා සහ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ඇතුළු හමුදාවේ සේනා විධායකයා ලෙස ඔහු ප්‍රධාන බලයක් දරන අතර, රටේ ඕනෑ ම ප්‍රතිපත්තියක් අවලංගු කිරීමට සහ රාජ්‍ය තනතුරු සඳහා පුද්ගලයින් තෝරා ගැනීමට ඔහුට බලය තිබුනි. Post navigation ලෝක බලවතුන්ගේ නම් ගෑවුනු “එප්ස්ටීන් ලිපිගොනු” වල ශ්‍රී ලංකාවේ නමත් සඳහන් වෙයි. ඇමරිකාව සහ ඊශ්‍රායලය සිදුකල ප්‍රහාරයට මාරාන්තික ප්‍රති ප්‍රහාරයක් දීමේ සූදානමක්.