මැදපෙරදිග කලාපයේ ගුවන් සීමාවන් වසා දැමීම සහ පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම (SriLankan Airlines) ඇතුළු ගුවන් සමාගම් කිහිපයක් මැදපෙරදිග කලාපය වෙත සිදු කරන සියලුම ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරනවා.

ඒ අනුව, පහත සඳහන් ගුවන් ගමන් වාර අවලංගු කළ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනවා.

UL265 කොළඹ – රියාද්
UL229 කොළඹ – කුවේට්
UL253 කොළඹ – දම්මාම්
UL225 කොළඹ – ඩුබායි
UL217 කොළඹ – දෝහා
UL230 කුවේට් – කොළඹ
UL266 රියාද් – කොළඹ
UL254 දම්මාම් – කොළඹ
UL226 ඩුබායි – කොළඹ
UL218 දෝහා – කොළඹ

සිවිල් ගුවන් සේවා අධිකාරිය අවධාරණය කරන්නේ, මැදපෙරදිග ගමනාන්ත බලා පිටත්වීමට නියමිතව සිටින මගීන් තමන් ගමන් කිරීමට නියමිත ගුවන් සමාගම හෝ සිය ගුවන් ගමන් නියෝජිතයා (Travel Agent) සෘජුවම සම්බන්ධ කරගෙන ගුවන් ගමන ක්‍රියාත්මක වන්නේදැයි තහවුරු කරගත යුතු බවත්, ගුවන් ගමන ස්ථිර බවට තොරතුරු ලැබීමෙන් තොරව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමෙන් වළකින ලෙසයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *