මේ දිනවල දිවයිනේ සමහර ප්‍රදේශවල ලිට්‍රෝ ගෑස් හිඟයක් පවතින බව ජනතාව මැසිවිලි නගන තත්වයක් තුල වෙළඳපල තුල පවතින තොග සඳහා අධික ඉල්ලුමක් ඇතිවී බරපතල ලෙස ගෑස් හිඟයක් නිර්මාණය වීමේ අවධානම මතුව ඇත.

මේ සම්බන්ධව අවධානය යොමුකල ලිට්‍රෝ ලංකා ගෑස් සමාගම වෙනුවෙන් එහි සභාපති චන්න ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර මහජනතාවට කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.

එම නිවේදනය මගින් වෙළඳපොලේ තාවකාලික LP ගෑස් සිලින්ඩර හිඟයක් පිළිබඳ මෑතකාලීන ඇතිවූ තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරමින්, ප්‍රමාණවත් තොග ගබඩා කර ඇති බවත් අනවශ්‍ය ලෙස ගෑස් මිළදී ගැනීම අවශ්‍ය නොවන බවත් මහජනතාවට සහතික කර ඇත.

එමෙන්ම, මෙම තාවකාලික සැපයුම් සීමාවට හේතුව වූයේ Litro Gas සඳහා වෙළඳපොල ඉල්ලුම අනපේක්ෂිත ලෙස ඉහළ යාමත්, 2026 පෙබරවාරි 14 වන දින දින 2 ක ගෑස් සැපයුම් බාධාවක් ඇතිවීමත් බවත්, ඒ අනුව, සාමාන්‍ය බෙදාහැරීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සමාගම විසින් වහාම ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් දන්වා සිටී.

ඒ අනුව, 2026 පෙබරවාරි 17 හා 18 දිනවල ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර 284,000 ක් දැනටමත් නිකුත් කර ඇති බවත්, අද (19) සිට සෙනසුරාදා දක්වා තවත් ගෘහස්ථ නැවත පිරවුම් සිලින්ඩර 351,000 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවත් සඳහන් කර ඇත.

තවද, අවශ්‍ය ප්‍රමාණයට ප්‍රමාණවත් තොග සඳහා දැනටමත් ඇණවුම් කර ඇති අතර, මෙම මාසය අවසන් වීමට පෙර නැව් ගෙන්වීම් තුනක් පැමිණීමට නියමිත බවත් එමඟින් සැපයුම තවදුරටත් ස්ථාවර වනු ඇති බවත් ඉදිරියේදී ගෑස් හිඟයක් ඇති නොවන බව අවධාරණය කරන බවත් අදාල නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *