Post Views: 197 ලංකා සීනි සමාගම (පුද්ගලික) සමාගමේ (LSCPL) සභාපතිනිය ලෙස කටයුතු කළ නීතිඥ සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය එම තනතුරෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වේ. ඇයගේ මෙම ඉල්ලා අස්වීමට හේතුව ලෙස, ඉහළ දේශපාලන අධිකාරියෙන් සහ ආණ්ඩු පාක්ෂික ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් එල්ල වන පිඩනය තවදුරටත් දරා ගැනීමට නොහැකි වීම බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ මාර්තු මස ලංකා සීනී සමාගමේ සභාපතිනිය ලෙස පත්වීම් ලද චන්ද්‍රසේකර මහත්මිය සිය ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත්කල ලිපිය අනුව සඳහන් වන්නේ, භාණ්ඩාගාරය නිකුත් කර තිබෙන චක්‍ර ලේඛ වලට පටහැනිව තීන්දු ගැනීමට ආණ්ඩු පාක්ෂික ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් බලකිරීම් ගනනාවක් සිදුව ඇති පසුබිමක තම රාජකාරිය නිවරදිව ඉටු කිරීමට අපහසු නිසා තම ඉල්ලා අස්වීම සිදුකරන බවයි. සඳමාලි චන්ද්‍රසේකර මහත්මිය, කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය, මහජන නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිණියක් වන අතර නීති වෘත්තිකයෙක් ලෙසද කටයුතු කරයි. එසේම ඇය මීට පෙර පෞද්ගලික සමාගම් කිහිපයක වගකීම් උසුලමින් ව්‍යාපාර ක්ෂේත්‍රයේ අත්දැකීම් රැසක් සහිත වෘත්තිකයෙකුද වේ. සඳමාලී මහත්මියගේ ඉල්ලා අස්වීමත් සමග මේ දක්වා වත්මන් ආණ්ඩුව සීනී සමාගමට පත් කල සභාපතිවරුන් දෙදෙනාම ඉල්ලා ඉල්ලා අස්වී ඇති තත්වයක් තුල මේ පිළිබඳව රජයේ විශේෂ අවධානයක් යොමුවිය යුතු බව සීනී සමාගමේ සේවකයන්ගේ අදහසයි. මීට පෙර ලංකා සීනි සමාගමේ සභාපති ලෙස පත් කළ රුක්ෂාන් ගුණතිලක මහතා ද ඉල්ලා අස් වූ අතර එයට හේතු වී තිබුණේ ද ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් එල්ල වු බලපෑම් බවයි වාර්තා වන්නේ. නීතීඥ සඳමාලී මහත්මිය සිය ඉල්ලා අස්වීම දක්වමින් ඉදිරිපත් කල ඉංග්‍රීසී ලිපියේ පරිවර්තනය පහතින්, ගරු අමාත්‍යතුමනි,ලංකා සීනි සමාගම (පුද්ගලික) සමාගම සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම. මම මේ මඟින් Lanka Sugar Company (Pvt) Ltd හි සභාපති තනතුරෙන් වහාම බලපැවැත්වෙන පරිදි මාගේ ඉල්ලා අස්වීම ගෞරවයෙන් ඉදිරිපත් කරමි. මුලින්ම, මට තබා ඇති විශ්වාසය සඳහාත්, රජයට සේවය කිරීමටත්, මෙම වැදගත් රාජ්‍ය සමාගමක සංවර්ධනය හා පුනරුත්ථාපනය සඳහා මගේ හැකියාවන් අනුව දායක වීමට ලැබුණු අවස්ථාව සඳහාත්, ඔබට මාගේ අවංක කෘතඥතාවය පළ කරමි. ඔබ දන්නා පරිදි, අලාභ ලබන රාජ්‍ය සමාගමක් වන ලංකා සීනී සමාගම, මහජන ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් පනවා ඇති ඒවා ඇතුළුව දැඩි නියාමන සහ මූල්‍ය පාලන යටතේ ක්‍රියාත්මක වේ. වගකීම සහ යහපාලනය තහවුරු කිරීම සඳහා එම ක්‍රමවේද අත්‍යවශ්‍ය වුවද, එමගින් ආයතනයට ක්‍රියාත්මක වීමට සහ බාහිර අවශ්‍යතාට ප්‍රතිචාර දැක්වීමට හැකි ආකාරය සීමා විය. මාගේ කාලසීමාව තුළ, අදාළ චක්‍රලේඛ, නියමාවලි සහ ස්ථාපිත නීතිමය ක්‍රියාපටිපාටි උල්ලංඝනය කිරීමට හේතු වන ආකාරයේ ඉල්ලීම් සහ අපේක්ෂාවන් කිහිපයක් සමාගම වෙත ඉදිරිපත් විය. එවන් අවස්ථාවලදී, අධ්‍යක්ෂ මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරියා සහ මා, අපගේ නීතිමය හා විශ්වාසභාරී වගකීම්වලට දැඩිව බැඳී සිටි බැවින්, එම ඉල්ලීම් ඉටු කිරීමට අපට නොහැකි විය. මෙම තත්ත්වය නිසා ඇතැම් පළාත් දේශපාලනඥයන් සමඟ අවාසනාවන්ත ලෙස වැඩිවන ගැටුම් තත්ත්වයක් ඇති විය. සමාගම ක්‍රියාත්මක වන නීතිමය හා නියාමන සීමාවන් පිළිබඳ අප විසින් නැවත නැවතත් අවංකව පැහැදිලි කිරීමට උත්සාහ කළද, එම පැහැදිලි කිරීම් පිළිගනු නොලැබුණි. නීතිය, නියමාවලි සහ රජයේ චක්‍රලේඛවලට අනුරූප නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයන්ගෙන් එල්ල වූ හා අඛණ්ඩව එල්ලවන පීඩනය හේතුවෙන්, යහපාලන මූලධර්ම සහ ආයතනික අඛණ්ඩතාවය සමඟ අනුකූල වන ආකාරයෙන් මාගේ වගකීම් ඉටු කිරීම දිනෙන් දින අපහසු විය. මෙම තත්ත්වයන් යටතේ, ආයතනයේ හිතකර අරමුණු සඳහාත්, මාගේ වෘත්තීය ආචාරධර්මයන්ට අනුකූලවත්, මාගේ වගකීම් ඉටු කිරීම මට නොහැකි බැවින්, මෙම තනතුරෙන් ඉවත්වීම සුදුසු සහ අවශ්‍ය බව මා විශ්වාස කරමි. සේවය කිරීමට ලැබුණු අවස්ථාව පිළිබඳව මා තවදුරටත් ගැඹුරු කෘතඥතාවයෙන් යුක්ත වෙමි.ඔබගේ විශ්වාසි,…………………….. Post navigation පාර්ලිමේන්තු මංත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අද (17) දින සිට අහෝසියි. මැති ඇමතිවරු නොදන්න ජාතික ආරක්ෂාව… ජාතික ආරක්ෂාව යනු කුමක්ද ?