කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ සහ කළුතර වාඩියමංකඩ හංදිය ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

මින් එක් වෙඩි තැබීමක් කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදුව ඇති අතර, ජින්තුපිටිය ප්‍රදේශයේ කොන්ඩා කපන මධ්‍යස්ථානයකට පැමිණි පිරිසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවත් ඉන් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බවත් වාර්තාවේ.
ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිසිය පවසන්නේ.

අනික් සිදුවීම වාර්තා වන්නේ කළුතර වාඩියමංකඩ හංදිය ප්‍රදේශයෙන් වන අතර එහිදී පුද්ගලයෙකුට කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා. එම සිද්ධියෙන් 32 හැවිරිදි පුද්ගලයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම වෙඩි තැබීම සදහා 9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති අතර සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් බවට සැක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාර එෆ් යූ වුඩ්ලර් මහතා සඳහන් කළේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *